Monday, August 2, 2010
at
4:21 AM
|
By:
Juli
ඔහොම ඔහොම හොරාට ආදරේ කරද්දි.. දවසක් මගෙ අක්කිත් යාහූ එකෙන් මා එක්ක චැට් කර කර හිටිය.. ඕන් ඉතින් හැමදාම වගේ එයත් එදා හවස යාහූ එකෙන් මතු උනා.. ඕන් ඉතින් මන් දෙන්නා එක්කම බර කතාව.. අක්කිට නම් එලිපිට ලව්.. අරයට නම් වෙන කරගන්න දෙයක් නැති නිසා හොරෙන් හිත අස්සෙන් ලව්.. ලව් දෙකම ඕන් නැගල යනවා.. වෙනදා වගේම එයා එක්ක ලස්සන මලක් නෙලන ගමන් එහෙන් මෙහෙන් අක්කිටත් රිප්ල්යි කරනවා.. ඕන් අක්කි කිව්වා එයා ඔපිස් ඇරිලා ගෙදර යනවා දැන් කියලා.. සුපුරුදු පරිදි අක්කිට 'Mwah' එකකුත් දීලා.. ටේක් කෙයාර් කියලා එන්ටොර් කරලා ආයි අරයගෙ වින්ඩෝ එක ඕපන් කරලා බැලුව රිප්ලයි කරලද කියලා.. නැති නිසා ආයි අක්කිට 'I love you ' කියල ටයිප් කරලා එන්ටොර් කෙරුවා..
මල කෙලියයි ජූලි හතයි.. ටයිප් කරලා එන්ටර් කෙරුවාට පස්සෙ ආයි ඩිලීට් කරන්නත් බෑ.. මන්ග් වෙරදිලා අයි ලව් යූ කියලා තියෙන්නෙ අරයට.. මාව හීන් දාඩිය දැම්මා.. ඒ කාලෙ ඉතින් ආදරේ කලාට මොකද මටත් තිබ්බා පොඩි උද්දච්ච කමක් මම එයාට මුලින් නොකිව යුතුයි කියලා.. එහෙම කීවොත් මම සෙකන්ඩ් වෙනවා වගේ කියල.. ඒත් අද වෙද්දි ඒ අදහස මගේ හිතින් අයින් වෙලා ඉවරයි..
දැන් මාර වැඩේ.. අර ලියපු එක මකන්නත් බෑ.. අක්කත් බලන් ඉදලා ඕෆ්ලයින් ගිහින්.. මට ඒකටත් සිහියක් තිබ්බෙ නෑ.. මාව නිකන් 'ගට ගට ගට' ගාල වෙවුලන්න වගේ ගත්තා.. මාර වඩේ.. මටත් සිහියක් නැති හටියක්.. රිප්ලයි එකත් පරක්කුයි.. ලියනවා මකනවා ලියනවා මකනවා.. මට තවත් ටිකක් හීන් දාඩිය දැම්මා.. මම නිකන් දෙගිඩියාවෙන් වගේ බලන් හිටියා.. මට පුලුවන් නම් ඒ වෙලේ ස්ක්‍රීන් එක අස්සෙන් හොම්බ දාලා බලනවා මූ මොනාද ලිය ලිය මකන්නෙ කියලා.. මැටි පැටියා !!
මගේ හිත යටිගිරියෙන් කෑ ගහනවා.. ඒ අස්සෙන් අර අඹ ඇටේ තරම් වත් ලොකු නැති මොලේ කියනව.. '' කටවහගෙන ඉන්නවකො ඕයි මල කරච්චලේ ! '' කියලා
ඒ අස්සෙන් ඒ දෙන්නා එහෙන් සණ්ඩු.. මන් මේ බයේ ගැහෙනවා..
ඕන්.. එක පාරටම රිප්ලයි එක ආවා..
" Love you too " 

කොහොමෙන්හරි කියනවානම් ඕවගෙ රසවත් කතා ඕන තරම් තියෙනවා.. එත් ඉතින් අවුරුදු හතරක කතාවක් නිසා කෙටියෙන් මේ කියන්නෙ.. මොකද අර සිරස එකේ යන ''මල ගෙදර '' වගේ මේක ඇදුනොත් ඔයාට එපා වෙන නිසා..
ඔයා දන්නවද.. ? ඉස්සර එයාට හොඳට හින්දි එහෙමත් පුලුවන්.. එයාට ඇත්තටම පුලුවන් ද නැත්තම් ගූගල් ට්‍රාන්ස්ලේටර් පිහිට ද කියලා නම් හරියට දන්නෙ නෑ.. කොහොමෙන් හරි මාත් පොඩි කාලෙ එහෙම අර සිරස එකේ හැමදාම දවල්ට යන හින්දි බයිස්කෝප් එක නොවරදවාම බලනවා.. කොච්චර ශෝ බැලුවද කියනවා නම් දැන් ඉන්ගිරීසි තරම්ම හින්දිත් පුලුවන්..
ඉතින් අපේ හිත් වල හැන්ගිලා තිබ්බ හොරගෙඩි ආදරේක මහත ඇගට නොදැනීම නොකියා කිව්වෙ හරි හින්දි වල පිහිටෙන්.. දෙන්නම ඉතින් හින්දි දන්න නිසා එච්චරම ගැටලුවක් උනේ නෑ කීවෙ මොනාද කියලා තේරුම් ගන්න.. ඒ වෙද්දිත් අපි දෙන්නා චුට්ටක් චුට්ටක් දන්නවා අපේ හදවත් වලට ගිය කල ගැන.. කොච්චර සුන්දරද.. හින්ට් ගගහා ආදරේ කරද්දි අනික් එකා හොර ගෙඩියා වගේ තේරෙන්නැති ගානට ඉන්න එකෙත් අමුතු ජොලියක් තියෙනවා.. ආදරේ හැමදාමත් හරිම සුන්දරයි අපි ඒක විදින්න ලෑස්තියි නම්..
කොහොමෙන්හරි දවසක් එයා මට එයාගෙ ෆෝන් නොම්බරය දීලා කිව්ව , හදිස්සියකට ඕන උනොත් කතා කරන්න කියලා.. මන් ඉතින් ලියලා තියා ගත්තට කත කරන්න තරම් උවමනාවක් තිබුනෙ නෑ, එයා කොහොමත් ඔන්ලයින් එන නිසා.. කොහොම කොහොම හරි.. මා ගාව එදත් අදත් දුකට සැපට එකට හිටියෙ මගේ ටුටූ.. ටුටූ කියන්නෙ මෙන්න මෙයාටයි..

එයා මගෙ ටුටු ගැන තිබ්බෙ පුදුම ඉරිසියාවක් තමයි.. වැඩේම ටුටූට මොනා හරි කියා ගත්තු ගමන්.. ඒ පිරිමින්ගෙ හැටි වෙන්න ඕනි.. කෙල්ල පුලුන් බෝලෙකට හරි වත් ආදරේ කරනවට ආස නෑ.. එයා හදන්නේ ඔක්කොම ආදරේ එයා තනියෙන් අයිති කරගන්නම තමයි.. ඒකත් එක අතකට හොඳයි.. මොකද එහෙම ආදරේට ලෝබ කම් කරන කෙනෙකුට ආදරේ දෙන්න මා ලඟ ඇති වෙන්න ආදරේ තියෙන නිසා.. මොහොතකට හරි මට හිතුන වෙලා අනන්තයි එයාව තුරුලු කරන් දරුවෙක්ට වගේ ආදරේ කරන්න.. එයාව ඔඩෙක්කෙන් තියාගෙන පොල් කෙන්දක් අරන් කන අස්සෙ දදා කුචි කවන්න.. හෙහෙ.. අනේ.. මතක් වෙද්දිත් හිත ලනු පටවල් කඩාගෙන වගේ අතීතෙට දුවන්න හදනවා වගේ දැනෙනවා..
මගේ ටුටුවත් හැම වෙලේම අයි ලව් යූ කියා ගත්තු ගමන්මයි.. මටත් එයා වගේ හැමතිස්සෙම එයාට අයි ලව් යූ කියලා කියන්න ආසාව තිබ්බට එහෙම කරන්න බැරි උනේ මන් ගැන එයාට බොරු කියල තිබ්බ නිසයි.. මට හුගක් බය හිතුනා.. එත් ඊට වඩා මගේ හදවතෙ හොල්මන් කරපු ආදරේ බලවත්..
එයා මට මොන මායාවක් කලාද කියල මන් අදටත් දන්නෙ නෑ.. දැනට අවුරුදු හතරක් ගෙවිලත් මන් එයාගෙ අභ්‍යන්තර පුද්ගලයව තෙරුම් ගත්තට .. එයාගෙ හදවත හැඳින ගත්තට එයා මට හේතුවක් නොදී මාව දාලා යන්න හේතුව මට අදටත් හිතා ගන්න බෑ.. එයා මට කැමති නම් .. මන් එයාට කැමති නම් ඇයි අපිට එක් වෙන්න බැරි කියලා මන් මගෙන්ම ප්‍රශ්න කරගත්තෙ මට වෙන කර කියා ගන්න දෙයක් ඇත්තෙම නැති නිසයි..
කොහොමෙන් හරි.. ඔයාට මතකද දන්නෙ නෑ මන් අර මීට කලින් කොටසක කීවා එයාගෙ උපන් දිනේ දවසෙ මන් එයාට කවියක් එහෙමත් ලියලා ප්‍රසිද්ධ ස්යිට් එක්ක දාපු කතාවක් කීවා නේද? ආන් ඒක හොඳේ ?.. කොහොමෙන් හරි එයා හැන්දෑවෙ ඔන්ලයින් එන්න කලියෙන්ම 2006/07/12 එයාගෙ ජන්ම දිනය දවසෙ දවල් 2.30 ට විතර ලස්සන ඊ-කාඩ් එකක් යැව්වා.. ඒ යවපු කාඩ් එකට රිප්ලයි එක පසු දින මට දකින්නට ලැබුන.. මගෙ හිතෙ එක පාරටම නිකන් මල් වරුසාවක් වැස්සා වගේ.. අප්පේ ත්විච්ච හදිස්සිය ඒක ඇර ගන්න.. ලොල්..
ටින් ටින් ටොන් ටන් ටන් 123ග්‍රීටින්ග්ස් කියලා ඊ-කාඩ් එක සද්දයක් දැම්මා හරියට නිකන් එයා මට ඔය ගනන් උස්සලා සද්ද දානව වගේ.. හෙ හෙ..
ඕන් ඉතින් කාඩ් එකට වඩා හිත ලෝඩ් වෙනව කාඩ් එක බලන්න තියෙන හදිස්සියට.. සතුවට සතුවෙ සෝස මල් එහෙම පිරිච්ච කාඩ් එකක් නොවැ.. බලන්ඩ ආසයි අයියෝ.. මගෙ හිත නිකන් බෝට්ටුවක් වෙලා පාවී යාවී වගේ දැනුනා.. පාවී යාවී.. පාවී යාවී..පාවෙලා පාවෙලා තවත් පාවුනා..
කාඩ් එකේ ඉතින් ලස්සන මැසේජ් එක්කුත් ලියල එහෙම තිබ්බා.. අප්පේ.. ඇස් දෙක අහකට ගන්න බැරි තරම්.. ආදරේ පිරිල ඉතිරිල දෝරෙ ගලනව.. මට ලෝබයි අනේ.. අර දෝරෙ ගලන ටිකත් අපතෙ නොයන්න බකට් එකක්වත් ගෙනත් තියන්නමයි හිත.. කොහොමත් ඉතින්.. මන් ඇද්දොත් බකට් එකක්මනේ.. හිනා යනවා මතක් වෙද්දිත්..
ඔහොම ටික ටික බලාගෙන බලාගෙන යද්දි.. මන් දැක්ක නිකන් අමුතු එක්කුත් ප්ලේ වෙනවා.. මන් ආයි පාරක් රී ප්ලේ කරලා බැලුවා.. හෆ්ෆච්චියේ.. පොඩි අසබ්‍ය දර්ශනයක් නේද.. මට තද වුනා අයියෝ.. ඒ කාලෙ ඕවට තද උනාට දැන් හිතෙනවා අනේ එහෙමත් මෝඩ කමක් කියල.. මොකද ඒකෙ මහ ලොකු දෙයක් තිබ්බෙ නෑ.. 'ල්ව්' කාඩ් එකක් නිසා බොඳ වෙච්ච 'ලව් සිඩක්ෂන්' වගේ පින්තූරයක් තමයි තිබුනෙ.. නිකන් කෙල්ලයි කොල්ලයි බදා ගෙන ඉන්නවා වගේ එකක්.. ආ තව කිස් කරන එක්කුත් තිබ්බා.. ලොල්..
ඉතින් ඕකට තද වෙච්ච පාර.. මෙය යාහූ එකෙන් මතු වෙනකන් මග රැක ගෙන ඉදලා ආපු ගමන් කනේ කොරොප්ප ගහගන්නම බැන්නා.. අනෙ පවු දෙයියනේ.. අහින්සකයා නොසෑහෙන්න බැනුම් ඇහුවා.. සොරි කියද්දිත් බැන්න.. මතක් වෙද්දිත් මට නිකන් කට උලා ගන්න හිතෙනවා මේ කටින් නෙ මන් එයාට බැන්නෙ කියල..
එයා ඒකට කොච්චර බය වුනාද කියනවා නම් එයා අදටත් පණ බයයි මගේ ඊ-කාඩ්ස් ඕපන් කරන්න.. හික් හික්..
කොටින්ම කිව්වොත් මේ මාසේ දොළොස් වෙනිදා එයාගෙ බර්ත් ඩේ එක දවසේ එයාට දාපු කාඩ් එකවත් තාම බලලා නෑ.. බලලා නෑ කිව්වට බැලුවද දන්නෙත් නෑ හැබැයි..

කොහොම උනත් මට හොඳටම තේරුනා එයා දැන් සැහැල්ලුවෙන් ටිකක් හැපි එකෙන් ඉන්න බව.. හේතුව අර විල්සන් මාමගෙන් ගැලවුන හින්දා වෙන්ට ඕනෑ.. කොහොම උනත් මන් බයේ හිටියෙ.. එයා මාව දාලා යයි කියලා.. හොඳ වෙලාවට එහෙම කලේ නෑ.. එහෙම කලා නම් මට සාන්කාව හැදෙනව සිකුරුයි..
මට හැමදාමත් හිතුනේ.. මිනිහෙක්ට මෙච්චර ආදරේ කරන්න පුලුවන්ද කියලයි.. ඒකත් හරි පුදුමයි.. ඒත් මන් ඉස්සෙල්ලත් කිව්වා වගේ එයා ඊටත් වඩා පුදුමයි..
හා ඉතින් දැන් ඒ කෝලමත් ඉවර වේගෙන යද්දි.. පස්සෙ තමයි කතාවෙ හොන්දම කෑල්ල එන්නෙ.. ඒකත් එහෙම ඉවර වෙද්දි නිකන් එයාටයි මටයි වසන්ත කාලෙ උදා වෙලා වගේ.. විශාල රූස්ස ගහක් යට ආදරෙන් ඉද්දි හරියට නිකන් රතු පාට කහ පාට මල් අපේ ඇඟට වැටෙනවා වගේ.. හරිම ලස්සනයි.. හරිම රොමෑන්ටික්..
මන් බයේ උන්නෙ ඕකත් වනසන්න කරුමක්කාරයෙක් එයිද කියලා.. කොහෙද ඉතින් යාලුවො කියන ජාතියට උනත් කාට හරි හරියද්දි හිත පැලිලා කුඩු වෙන තරමටම ඉරිසියා හිතෙනවානෙ.. ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියල ඔය කතාවකුත් තියෙනවනේ.. කාට හරි හරියනවා නම් අම්බේ තියෙන අමාරුව.. නිකන් කටු අයිනව වගේ ඇති..

'' ඔයා තරහා වෙන්නෙපා මෙහෙම කීවට.. මට වෙන කරන්න දෙයක් නෑ.. මම දන්නව ඔයා මේකට කැමති නෑ කියලා.. බට් අයි ඈම් වෙරි හෙල්ප්ල්ස්''
'' ඔයා තරහ ගන්නෙපා.. සඳුන් ඔයාට කැමතිලු.. එයා ඔයාට ආදරෙයිලු.. "
ඒක අහපු මට එක පාරටම නිකන් කවුදෝ ඇවිත් ඔලුවට පොල්ලකින් ගැහුව වගේ දැනුනා.. මම කනස්සලු උනේ සඳුන් මට කැමති නිසා නෙවෙයි.. එයා සඳුන්ගෙ තෝල්කයා වෙච්ච නිසා.. හිතට දැනුන දුක අප්‍රමානයි.. ඇයි? ඇයි එයා මට එහෙම කලේ? මා එක්ක කතා කලෙ සඳුන්ට තෝල්ක කම් කරන්නද ??
නෑ නෑ.. මගෙ හිත මා ඉදිරිපිට මොර දුන්නා.. එයා එහෙම මුලින් කතා කරත් එයා කියපු දෙවල් ඇත්ත.. එයා හදවතින්මයි ඒව කිව්වෙ.. ඔයාගෙ හිතට දැනුන දේ බොරුවක් නෙවෙයි..
අනේ.. මෙච්චර හොඳට හිටි අපිට මේ මොකද උනේ.. ඇයි මෙහෙම විල්සන් හැමදාමත් අපිට කඩාකප්පල් කරන්නෙ.. මට නම් තේරෙන්නෙ නෑ..
කොහොමෙන් හරි සඳුන්ගෙ යොජනාව මම ප්‍රතික්ශේප කලේ ඔහුට තියෙන අකමැත්තකට නොවේ.. ජීවිතෙ පිළිබදව හැමදාමත් මට ප්ලෑන් එකක් තිබ්බා.. සඳුන්ට මම කැමතියි.. ඒත් ඒ යාලුවෙක් හැටියට විතරමයි.. යාලුවෙක් හැටියට විතරමයි.. මේක අහපු සඳුන්ගේ දෙවනි මායම වූයේ '' මන් එහෙනම් මැරෙනවා'' යනුවෙනි.. බට්ටෙක් තරම් වත් වයසක් නඇති උනාට මොකද.. කොල්ලො කවුද කියල මන් හොඳටම දන්නවා.. සමහරුන්ගේ කෝලම්.. සමහරුන්ගෙ බොරු ඇඩ් එක.. සමහරුන්ගෙ බොරු සෝබන.. සමහරු හිතන්නෙ කෙල්ලො ඔටුවො කියලා.. අනේ මෙහෙමත් කොල්ලො..
හිතුවා මදි සඳුන් මාව ගොනාට අන්දන්න.. මැරෙනවා කිව්ව පලියට '' හා '' කියන මෝඩ ගෑනුත් ඇති.. ඒත් මම නම් නෑ අහු උනේ සඳුන්ගෙ මායමට.. හික්ස්.. මැරෙන්න බැරි නම් මරා ගත්තත් මට පාන් යැයි කියල මම මගේ පාඩුවේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන අරය එක්ක මලක් දෙකක් කඩලා එහෙම ඔහෙ හිටියා..
- තුන්වන කොටස -
" මා සිතට අහම්බෙන්..
ඔබ එබි කම් කල අරුමය රහසින්..
මුලු ලොවට මුවාවෙන් ..
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්.. "
මෙහෙම මුමුනන්නෙ මගේ හිත.. එයා වෙනුවෙන්ම විතරමයි.. මම කොහොමද ඒ ලස්සන අතීතය අමතක කරන්නෙ.. එයා නැති අඩුව තවමත් හිස් තැනක් වෙලාම තියෙනවා.. ඒ හිස් තැන පුරවන්න එයා අද මා ලඟ නෑ.. මන් කොහොම අමතක කරන්නද ඒ දේවල්.. ඔයා කියපු වචනයක් වචනයක් පාසා මගේ හිතේ අද රැවු දෙනව.. ඒත් ඒ හිතට ළo වෙලා ඒක අහන්න ඔයා මගේ තුරුලෙ නෑ.. ඔයා මගෙ ජීවිතේටම එකම එක ලොකු ප්‍රශ්නයක් විතරක් ඉතුරු කරල ආයෙත් කාලෙකට නැති වෙලා ගියා.. හැමදාමත් වගෙ මගේ ප්‍රශ්නය 'ඇයි?' කියන එක ඔයත් දන්න නිසාමයි ඔයා මගෙන් හැන්ගෙන්නෙ.. ඔයා හොඳටම දන්නවා මට ඔයා නැතුව පාලුයි කියල.. ඒ දැන දැනත් දන්නෙ නැති ගානට හොරා වගෙ ඉන්න එක ඉතින් ඔයාගෙ පුරුද්දනේ..