Monday, August 2, 2010 | By: Juli

Episode 3.4

  • 3.4
එයා මට මොන මායාවක් කලාද කියල මන් අදටත් දන්නෙ නෑ.. දැනට අවුරුදු හතරක් ගෙවිලත් මන් එයාගෙ අභ්‍යන්තර පුද්ගලයව තෙරුම් ගත්තට .. එයාගෙ හදවත හැඳින ගත්තට එයා මට හේතුවක් නොදී මාව දාලා යන්න හේතුව මට අදටත් හිතා ගන්න බෑ.. එයා මට කැමති නම් .. මන් එයාට කැමති නම් ඇයි අපිට එක් වෙන්න බැරි කියලා මන් මගෙන්ම ප්‍රශ්න කරගත්තෙ මට වෙන කර කියා ගන්න දෙයක් ඇත්තෙම නැති නිසයි..

කොහොමෙන් හරි.. ඔයාට මතකද දන්නෙ නෑ මන් අර මීට කලින් කොටසක කීවා එයාගෙ උපන් දිනේ දවසෙ මන් එයාට කවියක් එහෙමත් ලියලා ප්‍රසිද්ධ ස්යිට් එක්ක දාපු කතාවක් කීවා නේද? ආන් ඒක හොඳේ ?.. කොහොමෙන් හරි එයා හැන්දෑවෙ ඔන්ලයින් එන්න කලියෙන්ම 2006/07/12 එයාගෙ ජන්ම දිනය දවසෙ දවල් 2.30 ට විතර ලස්සන ඊ-කාඩ් එකක් යැව්වා.. ඒ යවපු කාඩ් එකට රිප්ලයි එක පසු දින මට දකින්නට ලැබුන.. මගෙ හිතෙ එක පාරටම නිකන් මල් වරුසාවක් වැස්සා වගේ.. අප්පේ ත්විච්ච හදිස්සිය ඒක ඇර ගන්න.. ලොල්..

ටින් ටින් ටොන් ටන් ටන් 123ග්‍රීටින්ග්ස් කියලා ඊ-කාඩ් එක සද්දයක් දැම්මා හරියට නිකන් එයා මට ඔය ගනන් උස්සලා සද්ද දානව වගේ.. හෙ හෙ..


ඕන් ඉතින් කාඩ් එකට වඩා හිත ලෝඩ් වෙනව කාඩ් එක බලන්න තියෙන හදිස්සියට.. සතුවට සතුවෙ සෝස මල් එහෙම පිරිච්ච කාඩ් එකක් නොවැ.. බලන්ඩ ආසයි අයියෝ.. මගෙ හිත නිකන් බෝට්ටුවක් වෙලා පාවී යාවී වගේ දැනුනා.. පාවී යාවී.. පාවී යාවී..පාවෙලා පාවෙලා තවත් පාවුනා..
කාඩ් එකේ ඉතින් ලස්සන මැසේජ් එක්කුත් ලියල එහෙම තිබ්බා.. අප්පේ.. ඇස් දෙක අහකට ගන්න බැරි තරම්.. ආදරේ පිරිල ඉතිරිල දෝරෙ ගලනව.. මට ලෝබයි අනේ.. අර දෝරෙ ගලන ටිකත් අපතෙ නොයන්න බකට් එකක්වත් ගෙනත් තියන්නමයි හිත.. කොහොමත් ඉතින්.. මන් ඇද්දොත් බකට් එකක්මනේ.. හිනා යනවා මතක් වෙද්දිත්..

ඔහොම ටික ටික බලාගෙන බලාගෙන යද්දි.. මන් දැක්ක නිකන් අමුතු එක්කුත් ප්ලේ වෙනවා.. මන් ආයි පාරක් රී ප්ලේ කරලා බැලුවා.. හෆ්ෆච්චියේ.. පොඩි අසබ්‍ය දර්ශනයක් නේද.. මට තද වුනා අයියෝ.. ඒ කාලෙ ඕවට තද උනාට දැන් හිතෙනවා අනේ එහෙමත් මෝඩ කමක් කියල.. මොකද ඒකෙ මහ ලොකු දෙයක් තිබ්බෙ නෑ.. 'ල්ව්' කාඩ් එකක් නිසා බොඳ වෙච්ච 'ලව් සිඩක්ෂන්' වගේ පින්තූරයක් තමයි තිබුනෙ.. නිකන් කෙල්ලයි කොල්ලයි බදා ගෙන ඉන්නවා වගේ එකක්.. ආ තව කිස් කරන එක්කුත් තිබ්බා.. ලොල්..

ඉතින් ඕකට තද වෙච්ච පාර.. මෙය යාහූ එකෙන් මතු වෙනකන් මග රැක ගෙන ඉදලා ආපු ගමන් කනේ කොරොප්ප ගහගන්නම බැන්නා.. අනෙ පවු දෙයියනේ.. අහින්සකයා නොසෑහෙන්න බැනුම් ඇහුවා.. සොරි කියද්දිත් බැන්න.. මතක් වෙද්දිත් මට නිකන් කට උලා ගන්න හිතෙනවා මේ කටින් නෙ මන් එයාට බැන්නෙ කියල..

එයා ඒකට කොච්චර බය වුනාද කියනවා නම් එයා අදටත් පණ බයයි මගේ ඊ-කාඩ්ස් ඕපන් කරන්න.. හික් හික්..
කොටින්ම කිව්වොත් මේ මාසේ දොළොස් වෙනිදා එයාගෙ බර්ත් ඩේ එක දවසේ එයාට දාපු කාඩ් එකවත් තාම බලලා නෑ.. බලලා නෑ කිව්වට බැලුවද දන්නෙත් නෑ හැබැයි..


0 comments:

Post a Comment