Monday, August 2, 2010 | By: Juli

Episode 1.3

  • 1.3

බස් එක පැත්තක .. අපි දෙන්නා ඉතින් තනියෙන් බස් එකක් එලවන්ඩ බස් එකට ගොඩ වුනා විතරයි.. හිනත් යනවා මතක් වෙද්දි.. අනේද කියන්නෙ.. දෙන්නම නිකන් බෝ පැල වගේ.. ඕන් ඉතින් බසයේ බෙලත් සද්ද වෙලා.. බස් එක ස්ටාට් කොරලා දැන් පාගන්නයි යන්නේ..

'' Kolla : Hi ''
'' kella : Hi ''

බ්‍රූම් බ්‍රූම්.. ඕන් බස් එක ඇද්දුවා..

ඔය '' Hi '' එකෙන් පටන් ගත්තු බස් එක අපේ හිත් කඩාගෙන කොච්චර දුරක් නම් ගියාද.. ඒ සුන්දර මතකයන් නැවතත් ආවර්ජනය වෙද්දි ආයෙත් ඒ වසන්ත කාලෙ මිහිර ඇගට දැනෙනවා දැනෙනවා වගේ.. හිත රෝස පාට වෙලා ජීවිතේ රෝස මල් යහනාවක් වෙනවා වගෙ දැනෙනවා.. පෙලක් වෙලාවට මට සැක හිතුනෙ.. ඔය හමන්නෙ ආදරේ සුළග වත් ද කියලා..

එයා ලගින් හිදිද්දි තනිවෙච්ච මගේ හිතට දැනුනෙ තනියක් නොවන බව නිසැකයි.. ජීවිතේ එහෙමත් සුන්දරද කියලා හිතුනා.. තනිවෙලා හුදකලා වෙච්චි මගෙ හිතට සහනයක් වෙලා ආපු ඒ ප්‍රාණය නිකන්ම නිකන් ප්‍රාණයක් නොවන බව මා හොදින්ම දැන සිටි බව පැහදිලියි..

එදා බස් එකේ ටික දුරක් යද්දිම මට දැනුනා එයාගෙ සුවද.. ඒත් මට තේරුම් ගන්න බැරි උනේ, ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නද කියන එකයි.. මෙහෙම කියල කීවෙ , එය ගොනෙක් කියල නෙවෙයි.. ඔයා වැරදියට තේරුම් ගන්නෙපා.. එයා තුල සැගවිලා තිවිච්ච ඒ අහින්සක හිතටයි මන් රැවටුනේ.. ඒක අහින්සක සිතක අහින්සක සිතුවිල්ලක් වෙන්න පුලුවන්.. ඒත් ඉතින් මන් රැවටුන බවත් බොරුවක් නෙවෙයි..

ඔය අතරෙ ඔහොම කෝලන් කර කර ඉදිද්දි එයා මට නමකුත් දැම්මා.. ඒක වුනේ මෙහෙමයි..
ඔයාල දන්නවනේ.. ජූනි ජූලි කියන්නෙ රඹුටන් වාරෙ නොවැ.. මන් ඉතින් රඹුටන් ගැන හරි හරියට කියෙව්වා.. ඒ කාලෙම අපේ නෑ කෙනෙක් හිටියා පූගොඩ.. එයාලගෙ ලොකු රඹුටන් ගහක් තිබ්බා.. පොඩි කමට මට තිබ්බ විසේට ජීවිතේට ගහක් බඩා ගාල නොතිබ්බත්, රඹුටන් ගහක්ම වෙච්ච නිසා ඉනිමගක් තියලා හරි ගහ උඩට ඩින්ගිත්තක් විතර නැග ගෙන රඹුටන් කාපු වීර ක්‍රියාව ගැන බයක් සැකක් නැතුව හරි හරියට විස්තර කලා..


0 comments:

Post a Comment