Monday, August 2, 2010 | By: Juli

Episode 1.2

  • 1.2

කොහොමෙන් හරි.. අර මන් කීව චුට්ටන් චුට්ටන් ලස්සන හැන්දෑවෙ අර මනසෙ පැල පැදියන් වෙච්චි හොරගෙඩියා.. එයාවත් කවුදෝ මන්දා ඇඩ් කරලා තිබ්බා..
එතකොටම මගේ හිත කිව්වා.. හෆ්ෆච්චියේ.. මේ ජේසන් නෙ කියලා.. මගෙ හිත මටම හොරෙන් ආව් ආව් කිව්වා.. මොලේට පේන්ඩ බෑ අයියෝ හිත ඔහොම විහිලුවක් කරනවටවත්.. මොලේ හිතට තරවටු කරලා කීවෙ
''මේ මේ.. ඔයා තාම බට්ටෙක් තරම් වත් ලොකු නෑ..''
කියලයි.. අයියෝ ඉතින් මගේ කුසු කුසු ගාපු හිත එහෙම්මම නිහඩ උනා..

ඕන් ඉතින් කට්ටිය බරටම සින්දු කියනවා.. මාත් ඉතින් අහන් හිටියා.. ඒ අතර අරයා දිහා චුට්ටක් චුට්ටක් ඇස් නටව නටව බැලුවලු.. පේන විදියට නම්.. එයත් ඕනැකමින් වගේ කතා කලා.. ආයෙත් අර ඔලු ගෙඩියෙ තියෙන සියඹලා ඇටේ පණ්ඩිත කතාවක් දෙඩෙව්වනෙ.. ඒ පාර කියනවා ' මේ.. මුකුලු කරන්නෙ යටි අදහසක් තියා ගෙන නේද? ඕන් ඕන්.. මන් මීට කලිනුත් කියල තියෙනවා නේද මිනිස්සු එක්ක කතා කරද්දි ඔච්චර පද්දන්ඩ් උවමනා නෑ කියලා.. තේරෙයි පොඩි එකා වගෙ ඉනැතුව ඕන්නැති බහුබූත පටලවගෙන පස්සෙ මොනා හරි වුනාම..''

දගල දගල හිටිය හිත ආයෙත් නිහඩ උනා.. ටිකක් වෙලා බැලින්නම් ඕන් අරයා මාව ඇඩ් කොරලා.. මගෙ හිත අර සියඹල අටේට ''හූ හූ.. '' කීවා.. අයියෝ.. ඒ දෙන්නගෙ වලි නම් පැයෙන් දෙකෙන් බේරලා ඉවර කරන්න පුලුවන් වෙන්නෙ නෑ.. එපා වෙනවා අයියො..

0 comments:

Post a Comment