Monday, August 2, 2010 | By: Juli

Episode 3.1

- තුන්වන කොටස -
  • 3.1
" මා සිතට අහම්බෙන්..
ඔබ එබි කම් කල අරුමය රහසින්..
මුලු ලොවට මුවාවෙන් ..
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්.. "

මෙහෙම මුමුනන්නෙ මගේ හිත.. එයා වෙනුවෙන්ම විතරමයි.. මම කොහොමද ඒ ලස්සන අතීතය අමතක කරන්නෙ.. එයා නැති අඩුව තවමත් හිස් තැනක් වෙලාම තියෙනවා.. ඒ හිස් තැන පුරවන්න එයා අද මා ලඟ නෑ.. මන් කොහොම අමතක කරන්නද ඒ දේවල්.. ඔයා කියපු වචනයක් වචනයක් පාසා මගේ හිතේ අද රැවු දෙනව.. ඒත් ඒ හිතට ළo වෙලා ඒක අහන්න ඔයා මගේ තුරුලෙ නෑ.. ඔයා මගෙ ජීවිතේටම එකම එක ලොකු ප්‍රශ්නයක් විතරක් ඉතුරු කරල ආයෙත් කාලෙකට නැති වෙලා ගියා.. හැමදාමත් වගෙ මගේ ප්‍රශ්නය 'ඇයි?' කියන එක ඔයත් දන්න නිසාමයි ඔයා මගෙන් හැන්ගෙන්නෙ.. ඔයා හොඳටම දන්නවා මට ඔයා නැතුව පාලුයි කියල.. ඒ දැන දැනත් දන්නෙ නැති ගානට හොරා වගෙ ඉන්න එක ඉතින් ඔයාගෙ පුරුද්දනේ..

0 comments:

Post a Comment