Monday, August 2, 2010 | By: Juli

Episode 2.2

  • 2.2
කොහොමෙන් හරි අපේ මල් කැඩිල්ල ජයටම කෙරී ගෙන ගිය ඉතින්.. මන් ඉතින් එදා වගේම අදත් චොකලට් වලට දැක්වූයෙ ඉතාමත් විශාල කැමැත්තකි.. මේ ගැන මා ඔහුට පැවසූ විට එයා මෙන්න මෙහෙම කීවනෙ..

'' චොකලට් කාලා ඔයා දැන් බෝල ගෙඩිය වගේ මහත් වේ හොදේ.. ''

ඒ කාලේ මන් ඉස්කොලෙ බාස්කට්බෝල් හා අත්ලටික්ස් වල නිරත වී සිටි නිසා.. කොච්චර කෑවත් බතල නොවන ගතියක් තිබුනා..

ඒ නිසාම මම බය නැතුව ඇති වෙන්න චොකලට් කෑවා.. මහත් නොවන බව දන්න නිසාම මම ඔහුට මෙසේ පිලිතුරු දුනිමි..

'' පිස්සුද අනේ.. මන් මහත් වෙයි කවද හරි.. ඒත් ඒ චොකලට් කාලා නම් නෙවේ'' එවිට ඔහු එයට සිනහවක් පල කලේය..


හා ඉතින් දැන් ඔයා හිතනවා ඇති මන් මහා පණ්ඩිත කෙල්ලෙක් කියල.. අනේ ඉතින් මන් මක් කොරන්නද.. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ.. ඔයා වගේම එයත් මා ගැන එහෙම්මම හිතන්නට ඇති බව සිකුරුයි.
.


0 comments:

Post a Comment