Monday, August 2, 2010 | By: Juli

Episode 1.6

  • 1.6

කෙමෙන් කෙමෙන් මගේ හිතට බලාපොරොත්තු එක දෙක වැටුනෙ එයා එන මග දිහා හැන්දෑ වෙන තුරු yahoo එකෙ දොරකඩ ලග ඔහු එනතුරු සිත නැවතී බලා උන් නිසාමය..

මනස කොපමණ පිලි නොගත්ත නමුත්.. කාලයා විසින් මාව හුරු කලේ ඔහු වෙනුවෙන් බලා හිදීමටය.. අපගේ කුඩා බහින්බස් වීම්.. කුඩා ගැටීම් සුලු සුලු රණ්ඩු ඇති උනත්.. ඒවා සිනහවකින් නිම කරන්නට හැකියාවක් ඔහු තුල තිබෙද්දී.. එය සින්හවකින් තවත් ලස්සන කරන්නට තරම් අප දෙදෙනා පොහොසත් වූයෙමු..

ඒ වෙද්දී අපේ බසය කිලෝ මීටර බර ගානක් ඇවිත් උන්නේ.. ඒකට වැඩි දවසක් ගත නොවුනත් මට දැනුනේ අපි කල්පයකට වඩා ඩින්ගක්, ඇබීත්තක් පමන අඩුවෙන් ගත වූවක් බැවිනි.. එච්චර හරියක් වුනේ අඩුම තරමින් අපි හරි හැටි එකෙනෙකාගෙ නමක්වත් දැන නොගෙනය.. කොටින්ම කිව්වොත් කවුද හිතුවෙ කවදා හරි බසය මේ වගෙ මාවතක ගමන් කරයි කියලා.. ජීවිතේ හරි පුදුමයි කියන්නෙ ඔය හින්දා වෙන්ට ඕනෑ..


0 comments:

Post a Comment