Monday, August 2, 2010
at
4:14 AM
|
By:
Juli
'' ඔයා තරහා වෙන්නෙපා මෙහෙම කීවට.. මට වෙන කරන්න දෙයක් නෑ.. මම දන්නව ඔයා මේකට කැමති නෑ කියලා.. බට් අයි ඈම් වෙරි හෙල්ප්ල්ස්''
'' ඔයා තරහ ගන්නෙපා.. සඳුන් ඔයාට කැමතිලු.. එයා ඔයාට ආදරෙයිලු.. "
ඒක අහපු මට එක පාරටම නිකන් කවුදෝ ඇවිත් ඔලුවට පොල්ලකින් ගැහුව වගේ දැනුනා.. මම කනස්සලු උනේ සඳුන් මට කැමති නිසා නෙවෙයි.. එයා සඳුන්ගෙ තෝල්කයා වෙච්ච නිසා.. හිතට දැනුන දුක අප්‍රමානයි.. ඇයි? ඇයි එයා මට එහෙම කලේ? මා එක්ක කතා කලෙ සඳුන්ට තෝල්ක කම් කරන්නද ??
නෑ නෑ.. මගෙ හිත මා ඉදිරිපිට මොර දුන්නා.. එයා එහෙම මුලින් කතා කරත් එයා කියපු දෙවල් ඇත්ත.. එයා හදවතින්මයි ඒව කිව්වෙ.. ඔයාගෙ හිතට දැනුන දේ බොරුවක් නෙවෙයි..
අනේ.. මෙච්චර හොඳට හිටි අපිට මේ මොකද උනේ.. ඇයි මෙහෙම විල්සන් හැමදාමත් අපිට කඩාකප්පල් කරන්නෙ.. මට නම් තේරෙන්නෙ නෑ..
කොහොමෙන් හරි සඳුන්ගෙ යොජනාව මම ප්‍රතික්ශේප කලේ ඔහුට තියෙන අකමැත්තකට නොවේ.. ජීවිතෙ පිළිබදව හැමදාමත් මට ප්ලෑන් එකක් තිබ්බා.. සඳුන්ට මම කැමතියි.. ඒත් ඒ යාලුවෙක් හැටියට විතරමයි.. යාලුවෙක් හැටියට විතරමයි.. මේක අහපු සඳුන්ගේ දෙවනි මායම වූයේ '' මන් එහෙනම් මැරෙනවා'' යනුවෙනි.. බට්ටෙක් තරම් වත් වයසක් නඇති උනාට මොකද.. කොල්ලො කවුද කියල මන් හොඳටම දන්නවා.. සමහරුන්ගේ කෝලම්.. සමහරුන්ගෙ බොරු ඇඩ් එක.. සමහරුන්ගෙ බොරු සෝබන.. සමහරු හිතන්නෙ කෙල්ලො ඔටුවො කියලා.. අනේ මෙහෙමත් කොල්ලො..
හිතුවා මදි සඳුන් මාව ගොනාට අන්දන්න.. මැරෙනවා කිව්ව පලියට '' හා '' කියන මෝඩ ගෑනුත් ඇති.. ඒත් මම නම් නෑ අහු උනේ සඳුන්ගෙ මායමට.. හික්ස්.. මැරෙන්න බැරි නම් මරා ගත්තත් මට පාන් යැයි කියල මම මගේ පාඩුවේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන අරය එක්ක මලක් දෙකක් කඩලා එහෙම ඔහෙ හිටියා..
- තුන්වන කොටස -
" මා සිතට අහම්බෙන්..
ඔබ එබි කම් කල අරුමය රහසින්..
මුලු ලොවට මුවාවෙන් ..
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්.. "
මෙහෙම මුමුනන්නෙ මගේ හිත.. එයා වෙනුවෙන්ම විතරමයි.. මම කොහොමද ඒ ලස්සන අතීතය අමතක කරන්නෙ.. එයා නැති අඩුව තවමත් හිස් තැනක් වෙලාම තියෙනවා.. ඒ හිස් තැන පුරවන්න එයා අද මා ලඟ නෑ.. මන් කොහොම අමතක කරන්නද ඒ දේවල්.. ඔයා කියපු වචනයක් වචනයක් පාසා මගේ හිතේ අද රැවු දෙනව.. ඒත් ඒ හිතට ළo වෙලා ඒක අහන්න ඔයා මගේ තුරුලෙ නෑ.. ඔයා මගෙ ජීවිතේටම එකම එක ලොකු ප්‍රශ්නයක් විතරක් ඉතුරු කරල ආයෙත් කාලෙකට නැති වෙලා ගියා.. හැමදාමත් වගෙ මගේ ප්‍රශ්නය 'ඇයි?' කියන එක ඔයත් දන්න නිසාමයි ඔයා මගෙන් හැන්ගෙන්නෙ.. ඔයා හොඳටම දන්නවා මට ඔයා නැතුව පාලුයි කියල.. ඒ දැන දැනත් දන්නෙ නැති ගානට හොරා වගෙ ඉන්න එක ඉතින් ඔයාගෙ පුරුද්දනේ..
ඒකත් ඉතින් එහෙම වෙද්දි.. මෙහෙමත් දෙයක් වුනාලු..
දවසක්.. ජේසන් මගෙන් ඇහුවා මම වර්ජින් කෙනෙක්ද යනුවෙන්.. එය ඇසූ මම බ්ලොක් ගලක් මෙන් ගල් ගැසී බලා උන්නෙමි.. එකවර ආ කේන්තිය නිසා.. ඔහුට බැන වදින්නට සැරසුනු විට .. ඔහුට එය ඉවෙන්දෝ වගෙ දැනී ඇති නිසාද වෙත්ම .. එකවර ඔහු කෑ ගැසුවේ.. ''මම නෙවෙයි.. සඳුන් තමයි ඇහුවෙ'' යනුවෙනි..
හොස්ස ලගින් මැස්සා යන්න බැරි මට.. කේන්තියට බැන වදිනවා මිස 'ඔව් මම වර්ජින් කෙනෙක්' යැයි පවසන්නට ඇමතක වුයෙමි.. අවුරුදු කීපයකට පසු මම ඒ කළ අතපසු කිරීම ගැන දුක් වුවද.. එය නිවැරදි කිරීමට කල්පයක් බලා ඉන්නට සිද්ධ වුනි..
කෙසේ වෙතත්.. එම කතාවෙන් පසු මාද සිටියෙ ඉතාමත් කෝපයෙන් බව ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද ? කොහොමෙන් කොහොම හරි කතාව දුර දිග ගිහිල්ලා, ජේසන් මට මෙසේ පැවසුවා..
'' ඔයා තරහා වෙන්නෙපා මෙහෙම කීවට.. මට වෙන කරන්න දෙයක් නෑ.. මම දන්නව ඔයා මේකට කැමති නෑ කියලා.. බට් අයි ඈම් වෙරි හෙල්ප්ල්ස්'' වනුවෙන් ප්‍රකාශ කල විට මගෙ හිත කීරි ගැහෙන්නට විය.. හරියට නිකන් චූටි බබෙක් හදපු කෝම් පිට්ටුවක් නපුරු මිනිහෙක් ඇවිදින් පාගල කඩල ගිහින් වගේ..
මට හුඟාක්ම දුක හිතුනේ එයා ගැනයි.. මට තේරුනා එයාට වෙන කර කියා ගන්න දෙයක් නැති බව.. අන්න එදා තමයි මට මුලින්ම දැනුනෙ අපේ කෝම් පිට්ටුවත් කඩන්න විල්සන් මාමා / මාමල නැන්දලා ඉන්නවා කියලා.. මට හුගාක් බය හිතුනා.. හරියට මරන්න ගෙනියන වහු පැටියෙක් වගේ.. ඔයා දැකලා තියෙනවද බයේ වෙවුලන වහු පැටියෙකුගෙ ඇස් දෙකක් ?? මරණ බයේ දගලනකොට හිත කෑලි කෑලි වලට කැඩිල ගිහින් කුඩු වෙන තරමටම දුක හිතෙනවා.. ඒ වෙද්දි මට එයා නැතුව ඉන්න බෑ කියල මට තේරිලයි තිබ්බෙ..
එයාව එච්චරටම අසරණ කරපු ඒ කතාව මොකද්ද කියලා දැන ගන්න ඕනි නම් හෙට වෙනතුරු ඉවසන්න.. හෙට දිනයේදී ත් මෙම කතාවේ තවත් කොටසක් ඔබ හමුවේ තියන්නට බලාපොරොත්තුවෙන් ඕන් මම විවේකයක් ගන්නවා..
කිලෝ මීටර බර ගානක් පාග ගෙන ආපු බස් එකේ පළමු බ්‍රේක් තිරින්ගය තද කිරීමට තව එක මොහොතයි.. බ්‍රේක් ගැහුව විතරයි අපි විසි උන විසික්ක්විල්ල මට කවදාවත්ම අමතක නොවන්නේ ආදරෙන් හදාපු අපෙ චූටි කෝම් පිට්ටුව විල්ස්න් මාම ඇවිත් කුඩු කරපු හින්දා විතරක්ම නෙවෙයි.. ඇයි එයා මා එක්ක හොරෙන් හොරෙන් චුට්ටක් චුට්ටක් හැන්ගි හොරා ආලයෙන් බැඳුනේ කියන ප්‍රශ්නය හිතේ හොල්මන් කරපු නිසාමය..
ඔහොම දවස් දෙක තුනක් යද්දි.. දවසක් මට සඳුන් කතා කලා.. ඔය ඕප දූප කතා කර කර ඉදිද්දී කොහොමෙන් කොහොම හරි ජේසන් ගැන කතා කරන්නට පටන් ගත්තා.. ඔහොම කියෝගෙන කියෝගෙන යද්දි.. සදුන් මට එක පාර කිව්වා ජැසියා කිව්වා '' ඒකි හම්බුන දවසේ ඉදලා මන් බ්ලූ බලන එකත් අඩු වෙලා '' කියල කිව්වා කියල..
අප්පේ.. ඔයාල දන්නෙ නෑ මට ඇති උන සතුට කොච්චරද කියල.. මගෙ හිත මුලින්ම කිව්වෙ ඔයා ගෙ වචනයක් ගැන හරි එයා හිතන නිසා තමයි එයා එහෙම වුනේ කියල.. ආදරයත් හරි පුදුමයි.. ඊටත් වඩා එයා පුදුමයි.. මට තාම මතකයි .. මගේ හිතේ හොරාට තිබ්බ ආදරේ නිසා මන් එයාගෙන් කපටි කමට ඇහුව ප්‍රශ්නයක්..
'' ඕන් ඔයා කවදා හරි බදින කොට මටත් ඉන්වයිට් කරන්න ඕනි හොඳේ.. ? ''
ඔහු පිළිතුරු මෙසේ පවසයි..
'' හෙ හෙ.. අයි? අපි ඊට කලින් හම්බෙන්නෙ නැද්ද? කවුද දන්නේ.. අපි කවද හරි එහෙම හම්බෙන්න පුලුවන් නෙ.. මොකද මේ ලෝකෙ එච්චර ලොකු නෑනෙ.. ''
මගෙ හිත නිකන් කාඩ් බෝඩ් පෙට්ටියක් වැටෙනව වගේ ඩඩ බඩෝන් ගෑවා.. ඔහුගේ මෙවන් කතා අබියස මා වෙවුලන හාවෙක් වැනිය.. කිසිවක් පැවසීමට නොමැති නිසා මගේ සුපුරුදු සිනාව මා පල කලේ නිකන් ලතාවකට වැනිය..
එයා එතකොට මෙහෙම ඇහුව.. '' ඔයා ආස මොන චොකලට් කන්නද? ''
අම්බේ.. රසවත් ප්‍රශ්නයක්.. මා එක පයින්ම කීවේ 'ටොබ්ලරෝන්' කියලයි..
එතකොට එයා ඇහුවා ඇයි 'ප්‍රොමිසස්' ආස නැද්ද කියලා.. මන් ඒ වෙද්දි ඒ චොකලට් එක ගැන අහල තිබුනෙ නැති නිසා මන් කිව්ව 'ඕන එකක්' කියල..
එදා හවස මමී එක්ක සුපර්මාක්ට් එකට ගියාම මුලින්ම ගිහින් බැලුවෙ 'ප්‍රොමිසස්' කියන්නෙ මොකද්ද කියලයි.. බැලින්නම් දඩාරියන් චොකලට් පෙට්ටියක් සෝස මලක් තියෙන.. දැක්ක ගමන් මට තේරුනා ඇයි එයා ඒ චොකො එක ගැන කිව්වෙ කියල.. වැඩිය ඕනි නෑ.. චොකෝ පෙට්ටියේම ගහල තිබ්බ 'ලව්' කියල.. අප්පේ.. මගෙ හිත නිකන් ඩිගි ඩිගි ගාල ඩාන්ස් කරන්න ගත්ත..
පෙලක් වෙලාවට කතා කරන්නේ මොනවද කියලාවත් දන්නෙ නැතුව බයිලා ගැහුවා.. අනේ මන්දා.. අසරණයා කොහොම අහන් හිටියාද කියලා දැනුයි තේරෙන්නෙ.. කොහොමෙන් හරි .. ඔහොම චුට්ටක් චුට්ටක් යනකොට.. මට එන්න එන්න එයා ගැන කැක්කුමක් වගේම ආදරයක් පහළ උනාලු.. ඒත් ඉතින් අර අඹ ඇටේට වඩා පොඩි එක ( ඒ කිව්වෙ මගෙ මොලේ ගැන ) ඒක මට ණානප්‍රකාර දේවල් හිතට ඔබ්බලා ඒ ඇටෙන් පොත්තෙන් එලියට එන්න හදන ආදරය මිනී මරන්න තැන් කරද්දි.. හිත මේ ගැන බය වෙච්ච පාර හිත දැඩි කරගෙන.. තද කරගෙන හිටියා..
ඒ කාලෙ ඉතින් මමී (අම්මා) මට කියලා දීල තිබ්බෙ පුතේ ඔයා 'බ්ලූ ෆිල්ම්ස්' බලන්නෙපා.. ඔව්වා නැති ජරා දේවල්.. සමහර විකුර්ති වෙච්ච අය තමයි ඕවා බලන්නෙ.. හා දැන් බබා මට පොරොන්දු වෙන්න, ඉන්ටර්නෙට් එකෙන් ඕවා බලන්නෙ නෑ කියලා.. ''
මාත් ඉතින් මමී ට 'ප්‍රොමිස්' කියල කිව්වා..
මට එදා ඉදන් මමී කියලා තිබ්බෙ බ්ලූ ජරා දෙයක් කියලා නිස , ඒක එයා ආයි ආයි කියද්දි අදටත් ඒ දේ මගෙ මොලේ තැන්පත් වෙලා තියෙන්නෙ ජරා දෙයක් හැටියටයි..
ජේසන් ගැන කැක්කුමක් තිබි නිසාම අම්මා කී පරිද්දෙන් අසබ්‍ය චිත්‍රපටි බලන්නේ අසහන කාරයෝ නිසාත්ම මා තුල හට ගත්තේ අමුතුම දෙයකි.. ඒ මොකද්ද දන්නවද? ඔයාට දැන් නම් හිනත් යයි මන් මෙහෙම කිව්වා කියල අහද්දි..
මම ජේසන් ගෙන් දිනක් මෙසේ ඇසුවෙමි..
''.. ඔයාගෙන් මන් දෙයක් අහන්නද? ''
'' අහන්න.. '' ජේසන්ගේ පිළිතුර එය විය..
'' මෙහෙම ඇහුවට ඔයා තරහා ගන්නෙප හොන්දේ ?? '' මම නැවතත් ඇසුවෙමි..
'' නෑ නෑ.. තරහා වෙන්නෙ නෑ ''
'' මේ... මේ.. මේ මේ.. ''
''යෙස්..'' එසේ කීවෙ ඔහුය..
'' මේ..... ඔයා බ්ලූ ෆිල්ම්ස් බලනවද ? ''
එහෙම අහලා තප්පරයක් ගියේ නෑ මගෙ හිත ටෝන් ටෝන් ගාන්න ගත්තා..
කොච්චර ලන් උනත් එච්චර දෙයක් අහන්න මම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කියලත් හිතුනා.. එයාගෙ රිප්ලයි එක එන්න ඩින්ගකට විතර කලින් ආයි මට ඇර අඹ ඇටේට වඩා පොඩි එක බැන වදින්නට වුනි.. එයා කිව්වේ මෙන්න මෙහෙමයි.. " මේ මේ.. ඔය දැන් ඕනවට වැඩියි හොදේ..''
ඇයියෝ.. ඔයා දන්නෙ නෑ අයියෝ.. මගේ හිතයි මනසයි නිකන් පොඩි එවුන් දෙන්නෙක් වගේ.. කෙක්කට කොක්ක වගේ.. ඌප්ස්.. වැරදුනාදත් මන්දා.. කොක්කට කෙක්ක වගේ..
කොහොමෙන් හරි අරය දැන් ඕන් රිප්ල්යි කලා.. එයා කීවා
'' ඔව්.. මන් බලනවා.. ඒත් හැමදාම නෙවෙයි '' කියලා.. දැන් ඉතින් මගෙ හිතේ ජේසන් බ්ලූ බලන නිසා එයා නරක ළමයෙක් කියල.. දැන් ඉතින් මගේ වුවමනාව ජේස්න්ව හොඳ ළමයෙක් කරවන්න..
අනේ හෆොයි.. මාත් මාර කෙල්ලෙක් තමා ඒ කාලේ.. දැන් නම් එව්වා මතක් වෙද්දිත් හිනා..
ඉතින් මන් අර කොල්ලට දාගෙන කියනව '' අනේ ඔයා ඔය ජහ ජරාව බලන්නෙපා.. ඕව බලන්නෙ මොලේ අමාරු කාරයෝ නෙ..
ඔයාටත් මේක කියෙව්වම හිනා යන්න ඇති.. එයාටත් හිතෙන්න ඇති මේ මොන මගුලක්ද කියලා.. ඒත් ඉතින් ඒක මගෙ අම්මා මට කිව්වෙ මට තියෙන ආදරේට කියල මන් දැනන් හිටියා.. අම්මා එහෙම කිව්වෙ මන් වැරදි මාර්ගෙ යයි කියලා බයට.. මමී හැමදාමත් මාව අරශ්ශා කලා.. ඉතින් නොදැනුවත්වම හරි jaz ගැන මා තුල පහල වෙලා තියෙන්නෙත් අම්මෙක් තුල දරුවෙකුට ඇති වූ ආදරයක් නොවේද?? මගේ වයසෙ පොඩි කමට මන් බොලද කතාවක් කියෙව්වට ඔයාටත් මෙහෙම පැත්තක් ගැන හිතුනෙ නෑ නේද මන් කියනකන් ?? එයාටත් එහෙම්මම ඇති.. ආදරේ අපි කාටත් නොකියමයි අපේ හදේ ලැගුම් ගන්නෙ.. ඒ වගේමයි අපේ හිත දාල යන්නෙත්.. හා.. අපි දැන් දාලා යන එව්ව ගැන කතා නොකර ඉමු.. කොහොම උනත්.. එය ගැන මා තුල ලොකු කැක්කුමක් හට ගෙන ඇති බව මගෙ හදවත ලාවට වගේ දැන සිටි නමුත් ඒ හැටි හරි තේරුමක් නොතිබිනි.. 
කොහොමෙන් හරි අපේ මල් කැඩිල්ල ජයටම කෙරී ගෙන ගිය ඉතින්.. මන් ඉතින් එදා වගේම අදත් චොකලට් වලට දැක්වූයෙ ඉතාමත් විශාල කැමැත්තකි.. මේ ගැන මා ඔහුට පැවසූ විට එයා මෙන්න මෙහෙම කීවනෙ..
'' චොකලට් කාලා ඔයා දැන් බෝල ගෙඩිය වගේ මහත් වේ හොදේ.. ''
ඒ කාලේ මන් ඉස්කොලෙ බාස්කට්බෝල් හා අත්ලටික්ස් වල නිරත වී සිටි නිසා.. කොච්චර කෑවත් බතල නොවන ගතියක් තිබුනා..
ඒ නිසාම මම බය නැතුව ඇති වෙන්න චොකලට් කෑවා.. මහත් නොවන බව දන්න නිසාම මම ඔහුට මෙසේ පිලිතුරු දුනිමි..
'' පිස්සුද අනේ.. මන් මහත් වෙයි කවද හරි.. ඒත් ඒ චොකලට් කාලා නම් නෙවේ'' එවිට ඔහු එයට සිනහවක් පල කලේය..
හා ඉතින් දැන් ඔයා හිතනවා ඇති මන් මහා පණ්ඩිත කෙල්ලෙක් කියල.. අනේ ඉතින් මන් මක් කොරන්නද.. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ.. ඔයා වගේම එයත් මා ගැන එහෙම්මම හිතන්නට ඇති බව සිකුරුයි. .
සඳුන් මගෙත් මිතුරෙකු වගේම ජේසන් ගේද මිතුරෙක් විය.. ඔවුන් දෙදෙනා එකිනෙක හැදිනියේ මා සඳුන්ව හැදින ගැනීමටත් පෙර සිටමය.. ඉතින් ඔය නිසාම ජේසන් ටද ඇත්ත කීමට වුවමනාවක් තිබුනද , එසේ කිරීමට නොහැකි වූයේ.. අකුණක් මා සොයා කෙටීමට එනවා මෙන් සදුන් හා තවත් කොල්ලන් කීප දෙනෙක් මා පසු පස හඹා එන නිසාමය.. ඒ කාලේ ජේසන්ගේ වයස අවුරුදු 19යකි.. එයා නම් වැඩිහිටියෙක්.. ඒත් මම.. මන් තවම බටු කෙල්ලෙක්..
ඉතින් ඔහොම කල් ගත වෙද්දී මායි අර ජේසන් උයි.. හා, මට කියන්න අමතක උනානෙ.. එයාට අපි ආදරේට කීවෙ Jaz / Jazy කියලයි.. එයාගෙ ඇත්ත නම ජේසන් නෙවෙයි.. ඒක වෙන නමක්.. ඒත් හැමෝම පුරුදු වෙලා හිටියෙ එයාට ජේසන් නමින් ඇමතීමටය..