Monday, August 2, 2010 | By: Juli

Episode 2

- දෙවනි කොටස -

  • 2.1
ඔහොම ඉතින් කල් ගත වෙද්දි.. අපි අතර තිබිච්ච සබදකම තවත් එන්ඩ එන්ඩම වැඩි උනා..

ඔය අතරෙ මෙහෙම සිද්දියකුත් තිබුනා.. ඒ කාලෙ ඉතින් ඇත්ත වයස කීවම සමහරෙක් කීවා..


''මට කමක් නෑ මට වඩා කොච්චර බාල උනත් දැන් නම්.. කවුරු හරි කෙල්ලෙක් ඉන්නවා නම් , මන් එයාට ආදරේ කරනවා..''


එසේ පැවසුවේ මා ලගින්ම සිටි මිතුරෙකි.. ඔහුගෙ ඉඟියෙන් ඔහුගේ සිත තුල සැන්ගී සැන්ගී තිබි ගීතයට ඇහුම්කන් දීමට පෙර සිටම මට ඉව දැනුනේ මගේ ඇති නුවනක්කාර බවකට නොවන බවත් , ඔහු තුල තිබි 'පැනි හැලීමේ' පරම දක්ශතාවය නිසාමත් බව කරුණාවෙන් සලකන්න..


ඒ අස්සෙන් තවත් මිතුරෙකු වූ සචිත නම් කුඩා වියේ පසුවු කොලු ගැටයෙකු තුල මා කෙරෙහි පැහදීමක් ඇති බව නැවතත් මට ඉව වැටී තිබුනි.. ඒ කාලෙ සචිත නම් කොලු ගැටයා පෙරුම් පිරුවේ ප්‍රසිද්ධ ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මුස්ලිම් කෙලි පැටික්කියකට බව මා හොදින් දැන සිටිය නමුත් , ඔහුගේ හදිසි ප්‍රිය මනාපය මා හට එතරම් සුබ දායික වූවක් නොවීය
ඔය හේතුව නිසා මට පසුව ඔහුට මෙසේ කීමට සිදු විය..

මගේ වයස ඔහුගේ වයසට වඩා අවුරුද්දක් වැඩි කොට.. 17ක් කියා පවසුවේ, ඔහුගේ සිත රිදවීමකට භාජනය නොකරාම ප්‍රශ්නය ඉවරයක් කොට දමන්න හිතා ගෙනය.. මාසිතට ඉවසීමට නොහැකි වූයේ හදාගත් බැදීමක් වුවත් , ආදරේ කරන ඇත්තන්ගේ සිත්කඩා බිඳ දැමීමය.. මසිතේ හොද කමට එසේ කළත් සමහරු ඒ දෙස බැලුවේ ඉතාමත් වැරදි ලෙසටය..


මේ අතරේ.. 13ක් නමුත් 17ක් යැයි කියා ගෙතූ කතන්දරය ඇත්තක් කිරීම පිනිස එකක් වහන්න මට බොරු පිට පිට කියන්නට සිදු විය.. 16යෙ කොලු ගැටයගෙන් බේරුනා , ඇති යාන්තම් ඔයින් ගියා .. කියල හිතල විනාඩියක් ගියෙ නෑ.. මන් අර කියපු මගෙ මිතුරා 'සඳුන්' .. ඔහු මා පිළිබඳ කුච් කුච් හෝතා හේ කියලා මට මුල ඉදලමයි තෙරුනේ.. ඒත් මගෙ පුරුද්දනෙ, තේරුනත් නොතේරුන ගානට ඉන්න එක.. හරියට නිකන් 'මo බබා..' වගේ..



Episode 1.6

  • 1.6

කෙමෙන් කෙමෙන් මගේ හිතට බලාපොරොත්තු එක දෙක වැටුනෙ එයා එන මග දිහා හැන්දෑ වෙන තුරු yahoo එකෙ දොරකඩ ලග ඔහු එනතුරු සිත නැවතී බලා උන් නිසාමය..

මනස කොපමණ පිලි නොගත්ත නමුත්.. කාලයා විසින් මාව හුරු කලේ ඔහු වෙනුවෙන් බලා හිදීමටය.. අපගේ කුඩා බහින්බස් වීම්.. කුඩා ගැටීම් සුලු සුලු රණ්ඩු ඇති උනත්.. ඒවා සිනහවකින් නිම කරන්නට හැකියාවක් ඔහු තුල තිබෙද්දී.. එය සින්හවකින් තවත් ලස්සන කරන්නට තරම් අප දෙදෙනා පොහොසත් වූයෙමු..

ඒ වෙද්දී අපේ බසය කිලෝ මීටර බර ගානක් ඇවිත් උන්නේ.. ඒකට වැඩි දවසක් ගත නොවුනත් මට දැනුනේ අපි කල්පයකට වඩා ඩින්ගක්, ඇබීත්තක් පමන අඩුවෙන් ගත වූවක් බැවිනි.. එච්චර හරියක් වුනේ අඩුම තරමින් අපි හරි හැටි එකෙනෙකාගෙ නමක්වත් දැන නොගෙනය.. කොටින්ම කිව්වොත් කවුද හිතුවෙ කවදා හරි බසය මේ වගෙ මාවතක ගමන් කරයි කියලා.. ජීවිතේ හරි පුදුමයි කියන්නෙ ඔය හින්දා වෙන්ට ඕනෑ..


Episode 1.5

  • 1.5

ඔහොම දින ගත වෙද්දි.. එයාගෙ උපන් දිනයත් උදා උනා.. එදා ඉස්කොලෙ ඇරිලා ගෙදර ආපු ගමන් කලේ එයාට ප්‍රසිද්ධ ස්යිට් එකක සුබ පතලා කවියක් දාපු එක තමයි.. ජේස්න් පුරුදු වෙලා හිටියෙ හැමදාම හැන්දෑවට ඔන්ලයින් එන්නයි.. ඉතින් එයා එන්න කලියෙන්ම මන් එයාට e-card එකකුත් යැව්වා..
ඕන් ඉතින් සුපුරුදු පරිදි වෙනද වගේම එයා yahoo එකෙන් ඇවිදින් පොඩි buzz එකක් දැම්මා.. මාත් ඉතින් අනික් පැත්තට buzz කලා..

ඉතින් මගේ සුබ පැතුමට ගොඩක් ස්තූතියි කියල එයත් ලස්සන රිප්ලයි එකක් දැම්මා තවත් පොයම් එක්කින්ම..
ඕක බලන් හිටපු රට්ටු කතා වෙන්න ගත්තා '' අන්න අර දෙන්නා හොරෙන්ම මල් කඩනවා '' කියලා..

ඒ කාලෙ මන් මගෙ ඇත්ත විස්තර කාටත් නොකීවෙ අයියයි අම්මයි ඇත්ත තොරතුරු මිනිස්සුන්ට කියන්න එපා කවදාවත්.. අද කාලෙ මිනිස්සු විෂ්වාස කරන්න බෑනෙ කියලා කියපු නිසාම විතරක් නොවේ.. සමාජයේ මිනිස්සුන් කෙරෙහි මගෙ අහින්සක හිත තුල තිබි බිය නිසාමත් ය..

එයා කෙරෙහි මගේ හිත ඇදුනේ එයත් ඒ වගේම ගුප්ත හා රහසිගත පුදුම සහගත පුද්ගලයෙක් වූ නිසා බව නියතය.. කිසිදිනකවත් නොදැකපු ඔහු ගැන මගෙ හිතේ රහසේම ආදරයක් හට ගත්තේ කිසිදු සැකයකින් තොරවය.. ඒත් ඒ ආදරේ කියලා මගෙ සිතට වඩා මනස පිලි නොගන්නට අපොහොසත් වූයෙමි.. කෙසේ වුනත් ආදර කියන හැගීම හිතට සමීප උනාම අඹ ඇටේකට වඩා මොලේ තිබුනත් ඒ කිසිම දේකට මෙල්ල නොවෙන සිතුවිල්ලක් බව මට වැටහෙන්න කල් ගත වුනි..


Episode 1.4

  • 1.4


බිත්ති හතරකට හිර වෙල හිටිය මට ඉනිමග හරි තියලා ගහකට නැග ගත්තු එක වීර ක්‍රියාවක් වීම ඔයාට හිනා යන කාරණයක් වෙන්නැති වෙයි නේද? නැත්තම් ඔයා මට හිතින් හිනා වෙනවද, අයියෝ.. ඕකද ඔයාගෙ මහ ලොකු වීරක්‍රියාව කියල.. ඔයා එහෙම හිතුවෙ නැතත් එයා එහෙම හිතුවද කියන එක හොයල බලන්න මට ඒ කාලෙ සිහියට ආවෙ නම් නෑ.. කොහෙමෙන් හරි ඔහොම හරි බඩ ගාල රඹුටන් කාපු එකට එයා මගෙන් අහුවා..

'' ලේනුන්ටත් තියන්නේ නැතුවම ඔක්කොම කෑවද කියලා.. ? ''

මේ කෙල්ලගෙ ඉතින් කොමලෙනෙ.. ඒක නිසා ලේනාට ලේනා නොකියා 'ටින් ටින්' කීවාලු.. එහෙම කියල කීවෙ..

'' ලේනගෙ බඩද නැත්තම් මගේ බඩද මුලින් පිරෙන්න ඔනෑ ? ''
කියලා.. එතකොට තමයි එය හිනා වෙලා කීවෙ,

'' ආ.. එහෙනම් ටින් ටින්ස් ලට තියන්නෙත් නතුව ලොකු ටින් ටින් ඔක්කොම කාල වගේ කියලා.. ''

ඕන් ඉතින් එදා ඉදන් මට 'ලොකු ටින් ටින්' කියන නම රෙජිස්ටර් වුනාලු..

ඔහොම ඉතින් ටික කාලයක් ගත වෙද්දි තවත් දැන හදුන ගනිද්දි එයා මට තවත් නමක් කීවා..
ඒ කීවෙ.. මෙහෙමයි..

එයා මගෙන් ඇහුවා.. මේ ලෝකෙ ඉන්න ස්වීට්ම කෙන කවුද කියල.. මගේ හිත ඩිගි ඩිගි ගාලා කීවෙම '' කියන්න කියන්න.. ඔයා තමයි මන්ග් දැකපු ස්වීට්ම කෙනා'' කියල.. ඒත් හිත හදිස්සි වුනත් අර අඹ ඇටේ තරම්වත් නැති මොලේ මට ආයි පාරක් මතක් කරලා දුන්නා හදිස්සි නොවිය යුතු බව..

කොහොමෙන් හරි මන් බොරුවට වගේ කීවා..
''නෑ.. මන් දන්නෙ නෑනෙ'' කියලා..

එතකොට එය කීවා .. ඒ තමයි මගේ 'පැනි කජු කෑල්ල' කියල.. මොහොතකට මගෙ හිත නැවතුනා වගේ දැනුනා.. මොකද්දෝ වෙලා මගේ හිත විසික්ක වුනා වගේ දැනුනා.. මගෙ හිත ගොලු වුනා.. හරියට නිකන් ගොලු හදවත චිත්‍රපටිය වගේ..

පස්සෙ මන් ටිකක් නිහඩව ඉදලා මෙහෙම ඇහුවා..

කවුද අප්පේ ඔය පැනි කජු කෑල්ල හැබෑටම ? මට ඔයා කීවෙ නැහැනෙ එහෙම කෙනෙක් ගැන.. කියලා..

ඔහොම කියලා ස්ක්‍රීන් එක දිහ ගිලින්න වගෙ ඕනෑකමින් බලා උන්නා අර යාහු එකෙ ටයිප් කරද්දි පැන්සලක් වගේ ඒක ලියවෙනවා බලාගෙන හිටිය හදිස්සියෙන්.. එතකොට මට පේන්ට තිබුනේ අර පැන්සල ලියවෙනවා.. ආයි මකනවා.. ලියනවා.. ආයි මකනවා.. ඕන් ඉතින් මගෙ හිත දාඩිය දැම්මා..එතකොටම එක පාරට එයාගෙ රිප්ල්යි එක එන්ටොර් කෙරුවා..

ඒකෙ කියලා තිබ්බෙ..

'' ඔයාට කොහොමද ඒක කලින් කියන්නේ.. ඔයා එක්ක කතා කරන්න ගත්ත දවසේ ඉදන් නෙ මට එයාව මුන ගැහුනේ කියල.. ''

දැන් ඉතින් ඔය කියපු කතාව තේරුම් ගන්න බැරි තරමට මන් මෝඩ නැති උනත් බොරුවට තේරුන්නෑ වගේ ආයි එයගෙන් ඒ ගැන අහුවෙ හිතේ සැකයකුත් ඉතිරි කරගෙන නැතුවම නෙවෙයි..

එයා මට 'ඒ ඔයා' කියල කියනකන්ම මන් එයාගෙ හිත අසරණ කලා.. අනේ පව්.. මන් හරි නරකයි නේද ?

දැන් ඉතින් ඒකත් අහගත්තා.. හිතට තවත් සතුටුයි..


Episode 1.3

  • 1.3

බස් එක පැත්තක .. අපි දෙන්නා ඉතින් තනියෙන් බස් එකක් එලවන්ඩ බස් එකට ගොඩ වුනා විතරයි.. හිනත් යනවා මතක් වෙද්දි.. අනේද කියන්නෙ.. දෙන්නම නිකන් බෝ පැල වගේ.. ඕන් ඉතින් බසයේ බෙලත් සද්ද වෙලා.. බස් එක ස්ටාට් කොරලා දැන් පාගන්නයි යන්නේ..

'' Kolla : Hi ''
'' kella : Hi ''

බ්‍රූම් බ්‍රූම්.. ඕන් බස් එක ඇද්දුවා..

ඔය '' Hi '' එකෙන් පටන් ගත්තු බස් එක අපේ හිත් කඩාගෙන කොච්චර දුරක් නම් ගියාද.. ඒ සුන්දර මතකයන් නැවතත් ආවර්ජනය වෙද්දි ආයෙත් ඒ වසන්ත කාලෙ මිහිර ඇගට දැනෙනවා දැනෙනවා වගේ.. හිත රෝස පාට වෙලා ජීවිතේ රෝස මල් යහනාවක් වෙනවා වගෙ දැනෙනවා.. පෙලක් වෙලාවට මට සැක හිතුනෙ.. ඔය හමන්නෙ ආදරේ සුළග වත් ද කියලා..

එයා ලගින් හිදිද්දි තනිවෙච්ච මගේ හිතට දැනුනෙ තනියක් නොවන බව නිසැකයි.. ජීවිතේ එහෙමත් සුන්දරද කියලා හිතුනා.. තනිවෙලා හුදකලා වෙච්චි මගෙ හිතට සහනයක් වෙලා ආපු ඒ ප්‍රාණය නිකන්ම නිකන් ප්‍රාණයක් නොවන බව මා හොදින්ම දැන සිටි බව පැහදිලියි..

එදා බස් එකේ ටික දුරක් යද්දිම මට දැනුනා එයාගෙ සුවද.. ඒත් මට තේරුම් ගන්න බැරි උනේ, ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නද කියන එකයි.. මෙහෙම කියල කීවෙ , එය ගොනෙක් කියල නෙවෙයි.. ඔයා වැරදියට තේරුම් ගන්නෙපා.. එයා තුල සැගවිලා තිවිච්ච ඒ අහින්සක හිතටයි මන් රැවටුනේ.. ඒක අහින්සක සිතක අහින්සක සිතුවිල්ලක් වෙන්න පුලුවන්.. ඒත් ඉතින් මන් රැවටුන බවත් බොරුවක් නෙවෙයි..

ඔය අතරෙ ඔහොම කෝලන් කර කර ඉදිද්දි එයා මට නමකුත් දැම්මා.. ඒක වුනේ මෙහෙමයි..
ඔයාල දන්නවනේ.. ජූනි ජූලි කියන්නෙ රඹුටන් වාරෙ නොවැ.. මන් ඉතින් රඹුටන් ගැන හරි හරියට කියෙව්වා.. ඒ කාලෙම අපේ නෑ කෙනෙක් හිටියා පූගොඩ.. එයාලගෙ ලොකු රඹුටන් ගහක් තිබ්බා.. පොඩි කමට මට තිබ්බ විසේට ජීවිතේට ගහක් බඩා ගාල නොතිබ්බත්, රඹුටන් ගහක්ම වෙච්ච නිසා ඉනිමගක් තියලා හරි ගහ උඩට ඩින්ගිත්තක් විතර නැග ගෙන රඹුටන් කාපු වීර ක්‍රියාව ගැන බයක් සැකක් නැතුව හරි හරියට විස්තර කලා..


Episode 1.2

  • 1.2

කොහොමෙන් හරි.. අර මන් කීව චුට්ටන් චුට්ටන් ලස්සන හැන්දෑවෙ අර මනසෙ පැල පැදියන් වෙච්චි හොරගෙඩියා.. එයාවත් කවුදෝ මන්දා ඇඩ් කරලා තිබ්බා..
එතකොටම මගේ හිත කිව්වා.. හෆ්ෆච්චියේ.. මේ ජේසන් නෙ කියලා.. මගෙ හිත මටම හොරෙන් ආව් ආව් කිව්වා.. මොලේට පේන්ඩ බෑ අයියෝ හිත ඔහොම විහිලුවක් කරනවටවත්.. මොලේ හිතට තරවටු කරලා කීවෙ
''මේ මේ.. ඔයා තාම බට්ටෙක් තරම් වත් ලොකු නෑ..''
කියලයි.. අයියෝ ඉතින් මගේ කුසු කුසු ගාපු හිත එහෙම්මම නිහඩ උනා..

ඕන් ඉතින් කට්ටිය බරටම සින්දු කියනවා.. මාත් ඉතින් අහන් හිටියා.. ඒ අතර අරයා දිහා චුට්ටක් චුට්ටක් ඇස් නටව නටව බැලුවලු.. පේන විදියට නම්.. එයත් ඕනැකමින් වගේ කතා කලා.. ආයෙත් අර ඔලු ගෙඩියෙ තියෙන සියඹලා ඇටේ පණ්ඩිත කතාවක් දෙඩෙව්වනෙ.. ඒ පාර කියනවා ' මේ.. මුකුලු කරන්නෙ යටි අදහසක් තියා ගෙන නේද? ඕන් ඕන්.. මන් මීට කලිනුත් කියල තියෙනවා නේද මිනිස්සු එක්ක කතා කරද්දි ඔච්චර පද්දන්ඩ් උවමනා නෑ කියලා.. තේරෙයි පොඩි එකා වගෙ ඉනැතුව ඕන්නැති බහුබූත පටලවගෙන පස්සෙ මොනා හරි වුනාම..''

දගල දගල හිටිය හිත ආයෙත් නිහඩ උනා.. ටිකක් වෙලා බැලින්නම් ඕන් අරයා මාව ඇඩ් කොරලා.. මගෙ හිත අර සියඹල අටේට ''හූ හූ.. '' කීවා.. අයියෝ.. ඒ දෙන්නගෙ වලි නම් පැයෙන් දෙකෙන් බේරලා ඉවර කරන්න පුලුවන් වෙන්නෙ නෑ.. එපා වෙනවා අයියො..

- Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය -



- පළමු කොටස -
  • 1.1

ටික් ටික් ටික් ටීක් ටීක්.. ඕන්.. ජීවිතේ පළමු වතාව සමාජය ඉම්බලා බලන්න අවස්ථාවක්.. එතකොට ඒකිට වයස 13යි.. කුඩා කල සිටම තමාගෙ ජීවිතේ තනියෙන් ජීවත් වූ තවත් පොඩි කෙල්ලෙක්.. අම්මයි තාත්තයි ඉන්නවා තමයි.. ඒත් පවුල් ආරවුල් නිසා තනියෙන් කල් ගෙවන්න පුරුදු වුන මේ කෙලි පොඩ්ඩ දැන හෝ නොදැන හෝ ඒ පාර අත ගැහුවෙ නම් මතුපිට විනොදෙන් පිරුනු , දන්නෙම නැතුව කාලය කා දමන , එහෙත් මනක්කල්පිත ලෝකයක සුන්දර ජීවිතේකටයි.. මතු පිටට පෙනෙන්නට තිබුන සුන්දරත්වය පිටතට නොපෙනෙන තරම්.. එහෙත් කෙනෙකුගෙ ජීවිතය වෙනස් කරන්න පුලුවන් තරම් , කෙනෙක්ට ජීවිතයක් දෙන්න වගේම ජීවිතය ගන්න තරමටම බලවත්ය..

ඕන්ග් ඉතින් තවත් චුට්ටන් චුට්ටන් ලස්සන හැන්දෑවක.. දින කීපයකට පෙර සිටම මගේ ඇස් සොරගත්.. නිතරම ඇස් මානයෙම ගැවසුන.. නෙත් යුගල ඔස්සේ මනසට දුව ගොස් පැල පැදියම් වෙච්චි ඒ ප්‍රාණය මාත් සමග නෙත් හමු විය.. ඒ 2006 පොසොන් මාසයෙයි.. නෙත් හමුවුනා කිව්වම හිතන්න ඇති නේද කොහේ හරි මීට් උනා කියල.. නෑ නෑ.. ඔය කියන්නෙ 'yahoo' එකෙන් හමු වෙච්ච සිද්දියක් ගැනයි.. ඔයාලට කිව්වට මොකද.. ඒකත් ඔය අහඹු සිදුවීමක් නොවැ.. මෙහෙමයි.. ඒ දවස් වල ඉතින් මට හිටිය හොදම යාලුවා සදුන්.. ඔය කියන හාදයා ගැන මතුවට ඔයාට පැහැදිලි වෙයි.. ඉතින් ඔය සදුන් ඉස්සර යාහු එකේ බස් යනවයි කියල කොන්ෆරන්ස් දාලා සින්දු කියනවා බජාර් එකම චෙට් වෙලා.. ඔය කිව්ව බජාර් එකට ඉතින්.. අක්කලාද නoගිලාද අයියලාද මල්ලිලාද.. ඔය ඔක්කොමලා වග කිව යුත්තො.. ඒ කාලෙ ඉතින් අපේ ගායිකාවන් අතර පළමු වන ස්ථානයේ පසු වුනේ මදූ අක්කි.. මාර කෙල්ල.. මාර කටක්.. ඒ වගේම ලස්සන කට හඩක්.. ඒක හින්දා කොච්චර කියෙව්වත් ඇනයක් වෙන්නෙ හරි අඩුවෙන්..