Monday, August 2, 2010 | By: Juli

Episode 3.6

  • 3.6
ඔහොම ඔහොම හොරාට ආදරේ කරද්දි.. දවසක් මගෙ අක්කිත් යාහූ එකෙන් මා එක්ක චැට් කර කර හිටිය.. ඕන් ඉතින් හැමදාම වගේ එයත් එදා හවස යාහූ එකෙන් මතු උනා.. ඕන් ඉතින් මන් දෙන්නා එක්කම බර කතාව.. අක්කිට නම් එලිපිට ලව්.. අරයට නම් වෙන කරගන්න දෙයක් නැති නිසා හොරෙන් හිත අස්සෙන් ලව්.. ලව් දෙකම ඕන් නැගල යනවා.. වෙනදා වගේම එයා එක්ක ලස්සන මලක් නෙලන ගමන් එහෙන් මෙහෙන් අක්කිටත් රිප්ල්යි කරනවා.. ඕන් අක්කි කිව්වා එයා ඔපිස් ඇරිලා ගෙදර යනවා දැන් කියලා.. සුපුරුදු පරිදි අක්කිට 'Mwah' එකකුත් දීලා.. ටේක් කෙයාර් කියලා එන්ටොර් කරලා ආයි අරයගෙ වින්ඩෝ එක ඕපන් කරලා බැලුව රිප්ලයි කරලද කියලා.. නැති නිසා ආයි අක්කිට 'I love you ' කියල ටයිප් කරලා එන්ටොර් කෙරුවා..

මල කෙලියයි ජූලි හතයි.. ටයිප් කරලා එන්ටර් කෙරුවාට පස්සෙ ආයි ඩිලීට් කරන්නත් බෑ.. මන්ග් වෙරදිලා අයි ලව් යූ කියලා තියෙන්නෙ අරයට.. මාව හීන් දාඩිය දැම්මා.. ඒ කාලෙ ඉතින් ආදරේ කලාට මොකද මටත් තිබ්බා පොඩි උද්දච්ච කමක් මම එයාට මුලින් නොකිව යුතුයි කියලා.. එහෙම කීවොත් මම සෙකන්ඩ් වෙනවා වගේ කියල.. ඒත් අද වෙද්දි ඒ අදහස මගේ හිතින් අයින් වෙලා ඉවරයි..

දැන් මාර වැඩේ.. අර ලියපු එක මකන්නත් බෑ.. අක්කත් බලන් ඉදලා ඕෆ්ලයින් ගිහින්.. මට ඒකටත් සිහියක් තිබ්බෙ නෑ.. මාව නිකන් 'ගට ගට ගට' ගාල වෙවුලන්න වගේ ගත්තා.. මාර වඩේ.. මටත් සිහියක් නැති හටියක්.. රිප්ලයි එකත් පරක්කුයි.. ලියනවා මකනවා ලියනවා මකනවා.. මට තවත් ටිකක් හීන් දාඩිය දැම්මා.. මම නිකන් දෙගිඩියාවෙන් වගේ බලන් හිටියා.. මට පුලුවන් නම් ඒ වෙලේ ස්ක්‍රීන් එක අස්සෙන් හොම්බ දාලා බලනවා මූ මොනාද ලිය ලිය මකන්නෙ කියලා.. මැටි පැටියා !!

මගේ හිත යටිගිරියෙන් කෑ ගහනවා.. ඒ අස්සෙන් අර අඹ ඇටේ තරම් වත් ලොකු නැති මොලේ කියනව.. '' කටවහගෙන ඉන්නවකො ඕයි මල කරච්චලේ ! '' කියලා

ඒ අස්සෙන් ඒ දෙන්නා එහෙන් සණ්ඩු.. මන් මේ බයේ ගැහෙනවා..

ඕන්.. එක පාරටම රිප්ලයි එක ආවා..

" Love you too "




Episode 3.5

  • 3.5

කොහොමෙන්හරි කියනවානම් ඕවගෙ රසවත් කතා ඕන තරම් තියෙනවා.. එත් ඉතින් අවුරුදු හතරක කතාවක් නිසා කෙටියෙන් මේ කියන්නෙ.. මොකද අර සිරස එකේ යන ''මල ගෙදර '' වගේ මේක ඇදුනොත් ඔයාට එපා වෙන නිසා..

ඔයා දන්නවද.. ? ඉස්සර එයාට හොඳට හින්දි එහෙමත් පුලුවන්.. එයාට ඇත්තටම පුලුවන් ද නැත්තම් ගූගල් ට්‍රාන්ස්ලේටර් පිහිට ද කියලා නම් හරියට දන්නෙ නෑ.. කොහොමෙන් හරි මාත් පොඩි කාලෙ එහෙම අර සිරස එකේ හැමදාම දවල්ට යන හින්දි බයිස්කෝප් එක නොවරදවාම බලනවා.. කොච්චර ශෝ බැලුවද කියනවා නම් දැන් ඉන්ගිරීසි තරම්ම හින්දිත් පුලුවන්..

ඉතින් අපේ හිත් වල හැන්ගිලා තිබ්බ හොරගෙඩි ආදරේක මහත ඇගට නොදැනීම නොකියා කිව්වෙ හරි හින්දි වල පිහිටෙන්.. දෙන්නම ඉතින් හින්දි දන්න නිසා එච්චරම ගැටලුවක් උනේ නෑ කීවෙ මොනාද කියලා තේරුම් ගන්න.. ඒ වෙද්දිත් අපි දෙන්නා චුට්ටක් චුට්ටක් දන්නවා අපේ හදවත් වලට ගිය කල ගැන.. කොච්චර සුන්දරද.. හින්ට් ගගහා ආදරේ කරද්දි අනික් එකා හොර ගෙඩියා වගේ තේරෙන්නැති ගානට ඉන්න එකෙත් අමුතු ජොලියක් තියෙනවා.. ආදරේ හැමදාමත් හරිම සුන්දරයි අපි ඒක විදින්න ලෑස්තියි නම්..

කොහොමෙන්හරි දවසක් එයා මට එයාගෙ ෆෝන් නොම්බරය දීලා කිව්ව , හදිස්සියකට ඕන උනොත් කතා කරන්න කියලා.. මන් ඉතින් ලියලා තියා ගත්තට කත කරන්න තරම් උවමනාවක් තිබුනෙ නෑ, එයා කොහොමත් ඔන්ලයින් එන නිසා.. කොහොම කොහොම හරි.. මා ගාව එදත් අදත් දුකට සැපට එකට හිටියෙ මගේ ටුටූ.. ටුටූ කියන්නෙ මෙන්න මෙයාටයි..



එයා මගෙ ටුටු ගැන තිබ්බෙ පුදුම ඉරිසියාවක් තමයි.. වැඩේම ටුටූට මොනා හරි කියා ගත්තු ගමන්.. ඒ පිරිමින්ගෙ හැටි වෙන්න ඕනි.. කෙල්ල පුලුන් බෝලෙකට හරි වත් ආදරේ කරනවට ආස නෑ.. එයා හදන්නේ ඔක්කොම ආදරේ එයා තනියෙන් අයිති කරගන්නම තමයි.. ඒකත් එක අතකට හොඳයි.. මොකද එහෙම ආදරේට ලෝබ කම් කරන කෙනෙකුට ආදරේ දෙන්න මා ලඟ ඇති වෙන්න ආදරේ තියෙන නිසා.. මොහොතකට හරි මට හිතුන වෙලා අනන්තයි එයාව තුරුලු කරන් දරුවෙක්ට වගේ ආදරේ කරන්න.. එයාව ඔඩෙක්කෙන් තියාගෙන පොල් කෙන්දක් අරන් කන අස්සෙ දදා කුචි කවන්න.. හෙහෙ.. අනේ.. මතක් වෙද්දිත් හිත ලනු පටවල් කඩාගෙන වගේ අතීතෙට දුවන්න හදනවා වගේ දැනෙනවා..

මගේ ටුටුවත් හැම වෙලේම අයි ලව් යූ කියා ගත්තු ගමන්මයි.. මටත් එයා වගේ හැමතිස්සෙම එයාට අයි ලව් යූ කියලා කියන්න ආසාව තිබ්බට එහෙම කරන්න බැරි උනේ මන් ගැන එයාට බොරු කියල තිබ්බ නිසයි.. මට හුගක් බය හිතුනා.. එත් ඊට වඩා මගේ හදවතෙ හොල්මන් කරපු ආදරේ බලවත්..



Episode 3.4

  • 3.4
එයා මට මොන මායාවක් කලාද කියල මන් අදටත් දන්නෙ නෑ.. දැනට අවුරුදු හතරක් ගෙවිලත් මන් එයාගෙ අභ්‍යන්තර පුද්ගලයව තෙරුම් ගත්තට .. එයාගෙ හදවත හැඳින ගත්තට එයා මට හේතුවක් නොදී මාව දාලා යන්න හේතුව මට අදටත් හිතා ගන්න බෑ.. එයා මට කැමති නම් .. මන් එයාට කැමති නම් ඇයි අපිට එක් වෙන්න බැරි කියලා මන් මගෙන්ම ප්‍රශ්න කරගත්තෙ මට වෙන කර කියා ගන්න දෙයක් ඇත්තෙම නැති නිසයි..

කොහොමෙන් හරි.. ඔයාට මතකද දන්නෙ නෑ මන් අර මීට කලින් කොටසක කීවා එයාගෙ උපන් දිනේ දවසෙ මන් එයාට කවියක් එහෙමත් ලියලා ප්‍රසිද්ධ ස්යිට් එක්ක දාපු කතාවක් කීවා නේද? ආන් ඒක හොඳේ ?.. කොහොමෙන් හරි එයා හැන්දෑවෙ ඔන්ලයින් එන්න කලියෙන්ම 2006/07/12 එයාගෙ ජන්ම දිනය දවසෙ දවල් 2.30 ට විතර ලස්සන ඊ-කාඩ් එකක් යැව්වා.. ඒ යවපු කාඩ් එකට රිප්ලයි එක පසු දින මට දකින්නට ලැබුන.. මගෙ හිතෙ එක පාරටම නිකන් මල් වරුසාවක් වැස්සා වගේ.. අප්පේ ත්විච්ච හදිස්සිය ඒක ඇර ගන්න.. ලොල්..

ටින් ටින් ටොන් ටන් ටන් 123ග්‍රීටින්ග්ස් කියලා ඊ-කාඩ් එක සද්දයක් දැම්මා හරියට නිකන් එයා මට ඔය ගනන් උස්සලා සද්ද දානව වගේ.. හෙ හෙ..


ඕන් ඉතින් කාඩ් එකට වඩා හිත ලෝඩ් වෙනව කාඩ් එක බලන්න තියෙන හදිස්සියට.. සතුවට සතුවෙ සෝස මල් එහෙම පිරිච්ච කාඩ් එකක් නොවැ.. බලන්ඩ ආසයි අයියෝ.. මගෙ හිත නිකන් බෝට්ටුවක් වෙලා පාවී යාවී වගේ දැනුනා.. පාවී යාවී.. පාවී යාවී..පාවෙලා පාවෙලා තවත් පාවුනා..
කාඩ් එකේ ඉතින් ලස්සන මැසේජ් එක්කුත් ලියල එහෙම තිබ්බා.. අප්පේ.. ඇස් දෙක අහකට ගන්න බැරි තරම්.. ආදරේ පිරිල ඉතිරිල දෝරෙ ගලනව.. මට ලෝබයි අනේ.. අර දෝරෙ ගලන ටිකත් අපතෙ නොයන්න බකට් එකක්වත් ගෙනත් තියන්නමයි හිත.. කොහොමත් ඉතින්.. මන් ඇද්දොත් බකට් එකක්මනේ.. හිනා යනවා මතක් වෙද්දිත්..

ඔහොම ටික ටික බලාගෙන බලාගෙන යද්දි.. මන් දැක්ක නිකන් අමුතු එක්කුත් ප්ලේ වෙනවා.. මන් ආයි පාරක් රී ප්ලේ කරලා බැලුවා.. හෆ්ෆච්චියේ.. පොඩි අසබ්‍ය දර්ශනයක් නේද.. මට තද වුනා අයියෝ.. ඒ කාලෙ ඕවට තද උනාට දැන් හිතෙනවා අනේ එහෙමත් මෝඩ කමක් කියල.. මොකද ඒකෙ මහ ලොකු දෙයක් තිබ්බෙ නෑ.. 'ල්ව්' කාඩ් එකක් නිසා බොඳ වෙච්ච 'ලව් සිඩක්ෂන්' වගේ පින්තූරයක් තමයි තිබුනෙ.. නිකන් කෙල්ලයි කොල්ලයි බදා ගෙන ඉන්නවා වගේ එකක්.. ආ තව කිස් කරන එක්කුත් තිබ්බා.. ලොල්..

ඉතින් ඕකට තද වෙච්ච පාර.. මෙය යාහූ එකෙන් මතු වෙනකන් මග රැක ගෙන ඉදලා ආපු ගමන් කනේ කොරොප්ප ගහගන්නම බැන්නා.. අනෙ පවු දෙයියනේ.. අහින්සකයා නොසෑහෙන්න බැනුම් ඇහුවා.. සොරි කියද්දිත් බැන්න.. මතක් වෙද්දිත් මට නිකන් කට උලා ගන්න හිතෙනවා මේ කටින් නෙ මන් එයාට බැන්නෙ කියල..

එයා ඒකට කොච්චර බය වුනාද කියනවා නම් එයා අදටත් පණ බයයි මගේ ඊ-කාඩ්ස් ඕපන් කරන්න.. හික් හික්..
කොටින්ම කිව්වොත් මේ මාසේ දොළොස් වෙනිදා එයාගෙ බර්ත් ඩේ එක දවසේ එයාට දාපු කාඩ් එකවත් තාම බලලා නෑ.. බලලා නෑ කිව්වට බැලුවද දන්නෙත් නෑ හැබැයි..


Episode 3.3

  • 3.3

කොහොම උනත් මට හොඳටම තේරුනා එයා දැන් සැහැල්ලුවෙන් ටිකක් හැපි එකෙන් ඉන්න බව.. හේතුව අර විල්සන් මාමගෙන් ගැලවුන හින්දා වෙන්ට ඕනෑ.. කොහොම උනත් මන් බයේ හිටියෙ.. එයා මාව දාලා යයි කියලා.. හොඳ වෙලාවට එහෙම කලේ නෑ.. එහෙම කලා නම් මට සාන්කාව හැදෙනව සිකුරුයි..

මට හැමදාමත් හිතුනේ.. මිනිහෙක්ට මෙච්චර ආදරේ කරන්න පුලුවන්ද කියලයි.. ඒකත් හරි පුදුමයි.. ඒත් මන් ඉස්සෙල්ලත් කිව්වා වගේ එයා ඊටත් වඩා පුදුමයි..

හා ඉතින් දැන් ඒ කෝලමත් ඉවර වේගෙන යද්දි.. පස්සෙ තමයි කතාවෙ හොන්දම කෑල්ල එන්නෙ.. ඒකත් එහෙම ඉවර වෙද්දි නිකන් එයාටයි මටයි වසන්ත කාලෙ උදා වෙලා වගේ.. විශාල රූස්ස ගහක් යට ආදරෙන් ඉද්දි හරියට නිකන් රතු පාට කහ පාට මල් අපේ ඇඟට වැටෙනවා වගේ.. හරිම ලස්සනයි.. හරිම රොමෑන්ටික්..

මන් බයේ උන්නෙ ඕකත් වනසන්න කරුමක්කාරයෙක් එයිද කියලා.. කොහෙද ඉතින් යාලුවො කියන ජාතියට උනත් කාට හරි හරියද්දි හිත පැලිලා කුඩු වෙන තරමටම ඉරිසියා හිතෙනවානෙ.. ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියල ඔය කතාවකුත් තියෙනවනේ.. කාට හරි හරියනවා නම් අම්බේ තියෙන අමාරුව.. නිකන් කටු අයිනව වගේ ඇති..



Episode 3.2

  • 3.2
'' ඔයා තරහා වෙන්නෙපා මෙහෙම කීවට.. මට වෙන කරන්න දෙයක් නෑ.. මම දන්නව ඔයා මේකට කැමති නෑ කියලා.. බට් අයි ඈම් වෙරි හෙල්ප්ල්ස්''

'' ඔයා තරහ ගන්නෙපා.. සඳුන් ඔයාට කැමතිලු.. එයා ඔයාට ආදරෙයිලු.. "

ඒක අහපු මට එක පාරටම නිකන් කවුදෝ ඇවිත් ඔලුවට පොල්ලකින් ගැහුව වගේ දැනුනා.. මම කනස්සලු උනේ සඳුන් මට කැමති නිසා නෙවෙයි.. එයා සඳුන්ගෙ තෝල්කයා වෙච්ච නිසා.. හිතට දැනුන දුක අප්‍රමානයි.. ඇයි? ඇයි එයා මට එහෙම කලේ? මා එක්ක කතා කලෙ සඳුන්ට තෝල්ක කම් කරන්නද ??

නෑ නෑ.. මගෙ හිත මා ඉදිරිපිට මොර දුන්නා.. එයා එහෙම මුලින් කතා කරත් එයා කියපු දෙවල් ඇත්ත.. එයා හදවතින්මයි ඒව කිව්වෙ.. ඔයාගෙ හිතට දැනුන දේ බොරුවක් නෙවෙයි..

අනේ.. මෙච්චර හොඳට හිටි අපිට මේ මොකද උනේ.. ඇයි මෙහෙම විල්සන් හැමදාමත් අපිට කඩාකප්පල් කරන්නෙ.. මට නම් තේරෙන්නෙ නෑ..

කොහොමෙන් හරි සඳුන්ගෙ යොජනාව මම ප්‍රතික්ශේප කලේ ඔහුට තියෙන අකමැත්තකට නොවේ.. ජීවිතෙ පිළිබදව හැමදාමත් මට ප්ලෑන් එකක් තිබ්බා.. සඳුන්ට මම කැමතියි.. ඒත් ඒ යාලුවෙක් හැටියට විතරමයි.. යාලුවෙක් හැටියට විතරමයි.. මේක අහපු සඳුන්ගේ දෙවනි මායම වූයේ '' මන් එහෙනම් මැරෙනවා'' යනුවෙනි.. බට්ටෙක් තරම් වත් වයසක් නඇති උනාට මොකද.. කොල්ලො කවුද කියල මන් හොඳටම දන්නවා.. සමහරුන්ගේ කෝලම්.. සමහරුන්ගෙ බොරු ඇඩ් එක.. සමහරුන්ගෙ බොරු සෝබන.. සමහරු හිතන්නෙ කෙල්ලො ඔටුවො කියලා.. අනේ මෙහෙමත් කොල්ලො..

හිතුවා මදි සඳුන් මාව ගොනාට අන්දන්න.. මැරෙනවා කිව්ව පලියට '' හා '' කියන මෝඩ ගෑනුත් ඇති.. ඒත් මම නම් නෑ අහු උනේ සඳුන්ගෙ මායමට.. හික්ස්.. මැරෙන්න බැරි නම් මරා ගත්තත් මට පාන් යැයි කියල මම මගේ පාඩුවේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන අරය එක්ක මලක් දෙකක් කඩලා එහෙම ඔහෙ හිටියා..


Episode 3.1

- තුන්වන කොටස -
  • 3.1
" මා සිතට අහම්බෙන්..
ඔබ එබි කම් කල අරුමය රහසින්..
මුලු ලොවට මුවාවෙන් ..
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්.. "

මෙහෙම මුමුනන්නෙ මගේ හිත.. එයා වෙනුවෙන්ම විතරමයි.. මම කොහොමද ඒ ලස්සන අතීතය අමතක කරන්නෙ.. එයා නැති අඩුව තවමත් හිස් තැනක් වෙලාම තියෙනවා.. ඒ හිස් තැන පුරවන්න එයා අද මා ලඟ නෑ.. මන් කොහොම අමතක කරන්නද ඒ දේවල්.. ඔයා කියපු වචනයක් වචනයක් පාසා මගේ හිතේ අද රැවු දෙනව.. ඒත් ඒ හිතට ළo වෙලා ඒක අහන්න ඔයා මගේ තුරුලෙ නෑ.. ඔයා මගෙ ජීවිතේටම එකම එක ලොකු ප්‍රශ්නයක් විතරක් ඉතුරු කරල ආයෙත් කාලෙකට නැති වෙලා ගියා.. හැමදාමත් වගෙ මගේ ප්‍රශ්නය 'ඇයි?' කියන එක ඔයත් දන්න නිසාමයි ඔයා මගෙන් හැන්ගෙන්නෙ.. ඔයා හොඳටම දන්නවා මට ඔයා නැතුව පාලුයි කියල.. ඒ දැන දැනත් දන්නෙ නැති ගානට හොරා වගෙ ඉන්න එක ඉතින් ඔයාගෙ පුරුද්දනේ..

Episode 2.6

  • 2.6
ඒකත් ඉතින් එහෙම වෙද්දි.. මෙහෙමත් දෙයක් වුනාලු..
දවසක්.. ජේසන් මගෙන් ඇහුවා මම වර්ජින් කෙනෙක්ද යනුවෙන්.. එය ඇසූ මම බ්ලොක් ගලක් මෙන් ගල් ගැසී බලා උන්නෙමි.. එකවර ආ කේන්තිය නිසා.. ඔහුට බැන වදින්නට සැරසුනු විට .. ඔහුට එය ඉවෙන්දෝ වගෙ දැනී ඇති නිසාද වෙත්ම .. එකවර ඔහු කෑ ගැසුවේ.. ''මම නෙවෙයි.. සඳුන් තමයි ඇහුවෙ'' යනුවෙනි..


හොස්ස ලගින් මැස්සා යන්න බැරි මට.. කේන්තියට බැන වදිනවා මිස 'ඔව් මම වර්ජින් කෙනෙක්' යැයි පවසන්නට ඇමතක වුයෙමි.. අවුරුදු කීපයකට පසු මම ඒ කළ අතපසු කිරීම ගැන දුක් වුවද.. එය නිවැරදි කිරීමට කල්පයක් බලා ඉන්නට සිද්ධ වුනි..


කෙසේ වෙතත්.. එම කතාවෙන් පසු මාද සිටියෙ ඉතාමත් කෝපයෙන් බව ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද ? කොහොමෙන් කොහොම හරි කතාව දුර දිග ගිහිල්ලා, ජේසන් මට මෙසේ පැවසුවා..


'' ඔයා තරහා වෙන්නෙපා මෙහෙම කීවට.. මට වෙන කරන්න දෙයක් නෑ.. මම දන්නව ඔයා මේකට කැමති නෑ කියලා.. බට් අයි ඈම් වෙරි හෙල්ප්ල්ස්'' වනුවෙන් ප්‍රකාශ කල විට මගෙ හිත කීරි ගැහෙන්නට විය.. හරියට නිකන් චූටි බබෙක් හදපු කෝම් පිට්ටුවක් නපුරු මිනිහෙක් ඇවිදින් පාගල කඩල ගිහින් වගේ..


මට හුඟාක්ම දුක හිතුනේ එයා ගැනයි.. මට තේරුනා එයාට වෙන කර කියා ගන්න දෙයක් නැති බව.. අන්න එදා තමයි මට මුලින්ම දැනුනෙ අපේ කෝම් පිට්ටුවත් කඩන්න විල්සන් මාමා / මාමල නැන්දලා ඉන්නවා කියලා.. මට හුගාක් බය හිතුනා.. හරියට මරන්න ගෙනියන වහු පැටියෙක් වගේ.. ඔයා දැකලා තියෙනවද බයේ වෙවුලන වහු පැටියෙකුගෙ ඇස් දෙකක් ?? මරණ බයේ දගලනකොට හිත කෑලි කෑලි වලට කැඩිල ගිහින් කුඩු වෙන තරමටම දුක හිතෙනවා.. ඒ වෙද්දි මට එයා නැතුව ඉන්න බෑ කියල මට තේරිලයි තිබ්බෙ..


එයාව එච්චරටම අසරණ කරපු ඒ කතාව මොකද්ද කියලා දැන ගන්න ඕනි නම් හෙට වෙනතුරු ඉවසන්න.. හෙට දිනයේදී ත් මෙම කතාවේ තවත් කොටසක් ඔබ හමුවේ තියන්නට බලාපොරොත්තුවෙන් ඕන් මම විවේකයක් ගන්නවා..


කිලෝ මීටර බර ගානක් පාග ගෙන ආපු බස් එකේ පළමු බ්‍රේක් තිරින්ගය තද කිරීමට තව එක මොහොතයි.. බ්‍රේක් ගැහුව විතරයි අපි විසි උන විසික්ක්විල්ල මට කවදාවත්ම අමතක නොවන්නේ ආදරෙන් හදාපු අපෙ චූටි කෝම් පිට්ටුව විල්ස්න් මාම ඇවිත් කුඩු කරපු හින්දා විතරක්ම නෙවෙයි.. ඇයි එයා මා එක්ක හොරෙන් හොරෙන් චුට්ටක් චුට්ටක් හැන්ගි හොරා ආලයෙන් බැඳුනේ කියන ප්‍රශ්නය හිතේ හොල්මන් කරපු නිසාමය..


Episode 2.5

  • 2.5

ඔහොම දවස් දෙක තුනක් යද්දි.. දවසක් මට සඳුන් කතා කලා.. ඔය ඕප දූප කතා කර කර ඉදිද්දී කොහොමෙන් කොහොම හරි ජේසන් ගැන කතා කරන්නට පටන් ගත්තා.. ඔහොම කියෝගෙන කියෝගෙන යද්දි.. සදුන් මට එක පාර කිව්වා ජැසියා කිව්වා '' ඒකි හම්බුන දවසේ ඉදලා මන් බ්ලූ බලන එකත් අඩු වෙලා '' කියල කිව්වා කියල..

අප්පේ.. ඔයාල දන්නෙ නෑ මට ඇති උන සතුට කොච්චරද කියල.. මගෙ හිත මුලින්ම කිව්වෙ ඔයා ගෙ වචනයක් ගැන හරි එයා හිතන නිසා තමයි එයා එහෙම වුනේ කියල.. ආදරයත් හරි පුදුමයි.. ඊටත් වඩා එයා පුදුමයි.. මට තාම මතකයි .. මගේ හිතේ හොරාට තිබ්බ ආදරේ නිසා මන් එයාගෙන් කපටි කමට ඇහුව ප්‍රශ්නයක්..


'' ඕන් ඔයා කවදා හරි බදින කොට මටත් ඉන්වයිට් කරන්න ඕනි හොඳේ.. ? ''


ඔහු පිළිතුරු මෙසේ පවසයි..


'' හෙ හෙ.. අයි? අපි ඊට කලින් හම්බෙන්නෙ නැද්ද? කවුද දන්නේ.. අපි කවද හරි එහෙම හම්බෙන්න පුලුවන් නෙ.. මොකද මේ ලෝකෙ එච්චර ලොකු නෑනෙ.. ''


මගෙ හිත නිකන් කාඩ් බෝඩ් පෙට්ටියක් වැටෙනව වගේ ඩඩ බඩෝන් ගෑවා.. ඔහුගේ මෙවන් කතා අබියස මා වෙවුලන හාවෙක් වැනිය.. කිසිවක් පැවසීමට නොමැති නිසා මගේ සුපුරුදු සිනාව මා පල කලේ නිකන් ලතාවකට වැනිය..


එයා එතකොට මෙහෙම ඇහුව.. '' ඔයා ආස මොන චොකලට් කන්නද? ''


අම්බේ.. රසවත් ප්‍රශ්නයක්.. මා එක පයින්ම කීවේ 'ටොබ්ලරෝන්' කියලයි..




එතකොට එයා ඇහුවා ඇයි 'ප්‍රොමිසස්' ආස නැද්ද කියලා.. මන් ඒ වෙද්දි ඒ චොකලට් එක ගැන අහල තිබුනෙ නැති නිසා මන් කිව්ව 'ඕන එකක්' කියල..
එදා හවස මමී එක්ක සුපර්මාක්ට් එකට ගියාම මුලින්ම ගිහින් බැලුවෙ 'ප්‍රොමිසස්' කියන්නෙ මොකද්ද කියලයි.. බැලින්නම් දඩාරියන් චොකලට් පෙට්ටියක් සෝස මලක් තියෙන.. දැක්ක ගමන් මට තේරුනා ඇයි එයා ඒ චොකො එක ගැන කිව්වෙ කියල.. වැඩිය ඕනි නෑ.. චොකෝ පෙට්ටියේම ගහල තිබ්බ 'ලව්' කියල.. අප්පේ.. මගෙ හිත නිකන් ඩිගි ඩිගි ගාල ඩාන්ස් කරන්න ගත්ත..




Episode 2.3

  • 2.3
පෙලක් වෙලාවට කතා කරන්නේ මොනවද කියලාවත් දන්නෙ නැතුව බයිලා ගැහුවා.. අනේ මන්දා.. අසරණයා කොහොම අහන් හිටියාද කියලා දැනුයි තේරෙන්නෙ.. කොහොමෙන් හරි .. ඔහොම චුට්ටක් චුට්ටක් යනකොට.. මට එන්න එන්න එයා ගැන කැක්කුමක් වගේම ආදරයක් පහළ උනාලු.. ඒත් ඉතින් අර අඹ ඇටේට වඩා පොඩි එක ( ඒ කිව්වෙ මගෙ මොලේ ගැන ) ඒක මට ණානප්‍රකාර දේවල් හිතට ඔබ්බලා ඒ ඇටෙන් පොත්තෙන් එලියට එන්න හදන ආදරය මිනී මරන්න තැන් කරද්දි.. හිත මේ ගැන බය වෙච්ච පාර හිත දැඩි කරගෙන.. තද කරගෙන හිටියා..

ඒ කාලෙ ඉතින් මමී (අම්මා) මට කියලා දීල තිබ්බෙ පුතේ ඔයා 'බ්ලූ ෆිල්ම්ස්' බලන්නෙපා.. ඔව්වා නැති ජරා දේවල්.. සමහර විකුර්ති වෙච්ච අය තමයි ඕවා බලන්නෙ.. හා දැන් බබා මට පොරොන්දු වෙන්න, ඉන්ටර්නෙට් එකෙන් ඕවා බලන්නෙ නෑ කියලා.. ''
මාත් ඉතින් මමී ට 'ප්‍රොමිස්' කියල කිව්වා..

මට එදා ඉදන් මමී කියලා තිබ්බෙ බ්ලූ ජරා දෙයක් කියලා නිස , ඒක එයා ආයි ආයි කියද්දි අදටත් ඒ දේ මගෙ මොලේ තැන්පත් වෙලා තියෙන්නෙ ජරා දෙයක් හැටියටයි..

ජේසන් ගැන කැක්කුමක් තිබි නිසාම අම්මා කී පරිද්දෙන් අසබ්‍ය චිත්‍රපටි බලන්නේ අසහන කාරයෝ නිසාත්ම මා තුල හට ගත්තේ අමුතුම දෙයකි.. ඒ මොකද්ද දන්නවද? ඔයාට දැන් නම් හිනත් යයි මන් මෙහෙම කිව්වා කියල අහද්දි..

මම ජේසන් ගෙන් දිනක් මෙසේ ඇසුවෙමි..

''.. ඔයාගෙන් මන් දෙයක් අහන්නද? ''

'' අහන්න.. '' ජේසන්ගේ පිළිතුර එය විය..

'' මෙහෙම ඇහුවට ඔයා තරහා ගන්නෙප හොන්දේ ?? '' මම නැවතත් ඇසුවෙමි..

'' නෑ නෑ.. තරහා වෙන්නෙ නෑ ''

'' මේ... මේ.. මේ මේ.. ''

''යෙස්..'' එසේ කීවෙ ඔහුය..

'' මේ..... ඔයා බ්ලූ ෆිල්ම්ස් බලනවද ? ''

එහෙම අහලා තප්පරයක් ගියේ නෑ මගෙ හිත ටෝන් ටෝන් ගාන්න ගත්තා..
කොච්චර ලන් උනත් එච්චර දෙයක් අහන්න මම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කියලත් හිතුනා.. එයාගෙ රිප්ලයි එක එන්න ඩින්ගකට විතර කලින් ආයි මට ඇර අඹ ඇටේට වඩා පොඩි එක බැන වදින්නට වුනි.. එයා කිව්වේ මෙන්න මෙහෙමයි.. " මේ මේ.. ඔය දැන් ඕනවට වැඩියි හොදේ..''

ඇයියෝ.. ඔයා දන්නෙ නෑ අයියෝ.. මගේ හිතයි මනසයි නිකන් පොඩි එවුන් දෙන්නෙක් වගේ.. කෙක්කට කොක්ක වගේ.. ඌප්ස්.. වැරදුනාදත් මන්දා.. කොක්කට කෙක්ක වගේ..
කොහොමෙන් හරි අරය දැන් ඕන් රිප්ල්යි කලා.. එයා කීවා
'' ඔව්.. මන් බලනවා.. ඒත් හැමදාම නෙවෙයි '' කියලා.. දැන් ඉතින් මගෙ හිතේ ජේසන් බ්ලූ බලන නිසා එයා නරක ළමයෙක් කියල.. දැන් ඉතින් මගේ වුවමනාව ජේස්න්ව හොඳ ළමයෙක් කරවන්න..

අනේ හෆොයි.. මාත් මාර කෙල්ලෙක් තමා ඒ කාලේ.. දැන් නම් එව්වා මතක් වෙද්දිත් හිනා..

ඉතින් මන් අර කොල්ලට දාගෙන කියනව '' අනේ ඔයා ඔය ජහ ජරාව බලන්නෙපා.. ඕව බලන්නෙ මොලේ අමාරු කාරයෝ නෙ..

ඔයාටත් මේක කියෙව්වම හිනා යන්න ඇති.. එයාටත් හිතෙන්න ඇති මේ මොන මගුලක්ද කියලා.. ඒත් ඉතින් ඒක මගෙ අම්මා මට කිව්වෙ මට තියෙන ආදරේට කියල මන් දැනන් හිටියා.. අම්මා එහෙම කිව්වෙ මන් වැරදි මාර්ගෙ යයි කියලා බයට.. මමී හැමදාමත් මාව අරශ්ශා කලා.. ඉතින් නොදැනුවත්වම හරි jaz ගැන මා තුල පහල වෙලා තියෙන්නෙත් අම්මෙක් තුල දරුවෙකුට ඇති වූ ආදරයක් නොවේද?? මගේ වයසෙ පොඩි කමට මන් බොලද කතාවක් කියෙව්වට ඔයාටත් මෙහෙම පැත්තක් ගැන හිතුනෙ නෑ නේද මන් කියනකන් ?? එයාටත් එහෙම්මම ඇති.. ආදරේ අපි කාටත් නොකියමයි අපේ හදේ ලැගුම් ගන්නෙ.. ඒ වගේමයි අපේ හිත දාල යන්නෙත්.. හා.. අපි දැන් දාලා යන එව්ව ගැන කතා නොකර ඉමු.. කොහොම උනත්.. එය ගැන මා තුල ලොකු කැක්කුමක් හට ගෙන ඇති බව මගෙ හදවත ලාවට වගේ දැන සිටි නමුත් ඒ හැටි හරි තේරුමක් නොතිබිනි..


Episode 2.2

  • 2.2
කොහොමෙන් හරි අපේ මල් කැඩිල්ල ජයටම කෙරී ගෙන ගිය ඉතින්.. මන් ඉතින් එදා වගේම අදත් චොකලට් වලට දැක්වූයෙ ඉතාමත් විශාල කැමැත්තකි.. මේ ගැන මා ඔහුට පැවසූ විට එයා මෙන්න මෙහෙම කීවනෙ..

'' චොකලට් කාලා ඔයා දැන් බෝල ගෙඩිය වගේ මහත් වේ හොදේ.. ''

ඒ කාලේ මන් ඉස්කොලෙ බාස්කට්බෝල් හා අත්ලටික්ස් වල නිරත වී සිටි නිසා.. කොච්චර කෑවත් බතල නොවන ගතියක් තිබුනා..

ඒ නිසාම මම බය නැතුව ඇති වෙන්න චොකලට් කෑවා.. මහත් නොවන බව දන්න නිසාම මම ඔහුට මෙසේ පිලිතුරු දුනිමි..

'' පිස්සුද අනේ.. මන් මහත් වෙයි කවද හරි.. ඒත් ඒ චොකලට් කාලා නම් නෙවේ'' එවිට ඔහු එයට සිනහවක් පල කලේය..


හා ඉතින් දැන් ඔයා හිතනවා ඇති මන් මහා පණ්ඩිත කෙල්ලෙක් කියල.. අනේ ඉතින් මන් මක් කොරන්නද.. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ.. ඔයා වගේම එයත් මා ගැන එහෙම්මම හිතන්නට ඇති බව සිකුරුයි.
.


Episode 2.1

  • 2.1

සඳුන් මගෙත් මිතුරෙකු වගේම ජේසන් ගේද මිතුරෙක් විය.. ඔවුන් දෙදෙනා එකිනෙක හැදිනියේ මා සඳුන්ව හැදින ගැනීමටත් පෙර සිටමය.. ඉතින් ඔය නිසාම ජේසන් ටද ඇත්ත කීමට වුවමනාවක් තිබුනද , එසේ කිරීමට නොහැකි වූයේ.. අකුණක් මා සොයා කෙටීමට එනවා මෙන් සදුන් හා තවත් කොල්ලන් කීප දෙනෙක් මා පසු පස හඹා එන නිසාමය.. ඒ කාලේ ජේසන්ගේ වයස අවුරුදු 19යකි.. එයා නම් වැඩිහිටියෙක්.. ඒත් මම.. මන් තවම බටු කෙල්ලෙක්..

ඉතින් ඔහොම කල් ගත වෙද්දී මායි අර ජේසන් උයි.. හා, මට කියන්න අමතක උනානෙ.. එයාට අපි ආදරේට කීවෙ Jaz / Jazy කියලයි.. එයාගෙ ඇත්ත නම ජේසන් නෙවෙයි.. ඒක වෙන නමක්.. ඒත් හැමෝම පුරුදු වෙලා හිටියෙ එයාට ජේසන් නමින් ඇමතීමටය..


Episode 2

- දෙවනි කොටස -

  • 2.1
ඔහොම ඉතින් කල් ගත වෙද්දි.. අපි අතර තිබිච්ච සබදකම තවත් එන්ඩ එන්ඩම වැඩි උනා..

ඔය අතරෙ මෙහෙම සිද්දියකුත් තිබුනා.. ඒ කාලෙ ඉතින් ඇත්ත වයස කීවම සමහරෙක් කීවා..


''මට කමක් නෑ මට වඩා කොච්චර බාල උනත් දැන් නම්.. කවුරු හරි කෙල්ලෙක් ඉන්නවා නම් , මන් එයාට ආදරේ කරනවා..''


එසේ පැවසුවේ මා ලගින්ම සිටි මිතුරෙකි.. ඔහුගෙ ඉඟියෙන් ඔහුගේ සිත තුල සැන්ගී සැන්ගී තිබි ගීතයට ඇහුම්කන් දීමට පෙර සිටම මට ඉව දැනුනේ මගේ ඇති නුවනක්කාර බවකට නොවන බවත් , ඔහු තුල තිබි 'පැනි හැලීමේ' පරම දක්ශතාවය නිසාමත් බව කරුණාවෙන් සලකන්න..


ඒ අස්සෙන් තවත් මිතුරෙකු වූ සචිත නම් කුඩා වියේ පසුවු කොලු ගැටයෙකු තුල මා කෙරෙහි පැහදීමක් ඇති බව නැවතත් මට ඉව වැටී තිබුනි.. ඒ කාලෙ සචිත නම් කොලු ගැටයා පෙරුම් පිරුවේ ප්‍රසිද්ධ ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මුස්ලිම් කෙලි පැටික්කියකට බව මා හොදින් දැන සිටිය නමුත් , ඔහුගේ හදිසි ප්‍රිය මනාපය මා හට එතරම් සුබ දායික වූවක් නොවීය
ඔය හේතුව නිසා මට පසුව ඔහුට මෙසේ කීමට සිදු විය..

මගේ වයස ඔහුගේ වයසට වඩා අවුරුද්දක් වැඩි කොට.. 17ක් කියා පවසුවේ, ඔහුගේ සිත රිදවීමකට භාජනය නොකරාම ප්‍රශ්නය ඉවරයක් කොට දමන්න හිතා ගෙනය.. මාසිතට ඉවසීමට නොහැකි වූයේ හදාගත් බැදීමක් වුවත් , ආදරේ කරන ඇත්තන්ගේ සිත්කඩා බිඳ දැමීමය.. මසිතේ හොද කමට එසේ කළත් සමහරු ඒ දෙස බැලුවේ ඉතාමත් වැරදි ලෙසටය..


මේ අතරේ.. 13ක් නමුත් 17ක් යැයි කියා ගෙතූ කතන්දරය ඇත්තක් කිරීම පිනිස එකක් වහන්න මට බොරු පිට පිට කියන්නට සිදු විය.. 16යෙ කොලු ගැටයගෙන් බේරුනා , ඇති යාන්තම් ඔයින් ගියා .. කියල හිතල විනාඩියක් ගියෙ නෑ.. මන් අර කියපු මගෙ මිතුරා 'සඳුන්' .. ඔහු මා පිළිබඳ කුච් කුච් හෝතා හේ කියලා මට මුල ඉදලමයි තෙරුනේ.. ඒත් මගෙ පුරුද්දනෙ, තේරුනත් නොතේරුන ගානට ඉන්න එක.. හරියට නිකන් 'මo බබා..' වගේ..



Episode 1.6

  • 1.6

කෙමෙන් කෙමෙන් මගේ හිතට බලාපොරොත්තු එක දෙක වැටුනෙ එයා එන මග දිහා හැන්දෑ වෙන තුරු yahoo එකෙ දොරකඩ ලග ඔහු එනතුරු සිත නැවතී බලා උන් නිසාමය..

මනස කොපමණ පිලි නොගත්ත නමුත්.. කාලයා විසින් මාව හුරු කලේ ඔහු වෙනුවෙන් බලා හිදීමටය.. අපගේ කුඩා බහින්බස් වීම්.. කුඩා ගැටීම් සුලු සුලු රණ්ඩු ඇති උනත්.. ඒවා සිනහවකින් නිම කරන්නට හැකියාවක් ඔහු තුල තිබෙද්දී.. එය සින්හවකින් තවත් ලස්සන කරන්නට තරම් අප දෙදෙනා පොහොසත් වූයෙමු..

ඒ වෙද්දී අපේ බසය කිලෝ මීටර බර ගානක් ඇවිත් උන්නේ.. ඒකට වැඩි දවසක් ගත නොවුනත් මට දැනුනේ අපි කල්පයකට වඩා ඩින්ගක්, ඇබීත්තක් පමන අඩුවෙන් ගත වූවක් බැවිනි.. එච්චර හරියක් වුනේ අඩුම තරමින් අපි හරි හැටි එකෙනෙකාගෙ නමක්වත් දැන නොගෙනය.. කොටින්ම කිව්වොත් කවුද හිතුවෙ කවදා හරි බසය මේ වගෙ මාවතක ගමන් කරයි කියලා.. ජීවිතේ හරි පුදුමයි කියන්නෙ ඔය හින්දා වෙන්ට ඕනෑ..


Episode 1.5

  • 1.5

ඔහොම දින ගත වෙද්දි.. එයාගෙ උපන් දිනයත් උදා උනා.. එදා ඉස්කොලෙ ඇරිලා ගෙදර ආපු ගමන් කලේ එයාට ප්‍රසිද්ධ ස්යිට් එකක සුබ පතලා කවියක් දාපු එක තමයි.. ජේස්න් පුරුදු වෙලා හිටියෙ හැමදාම හැන්දෑවට ඔන්ලයින් එන්නයි.. ඉතින් එයා එන්න කලියෙන්ම මන් එයාට e-card එකකුත් යැව්වා..
ඕන් ඉතින් සුපුරුදු පරිදි වෙනද වගේම එයා yahoo එකෙන් ඇවිදින් පොඩි buzz එකක් දැම්මා.. මාත් ඉතින් අනික් පැත්තට buzz කලා..

ඉතින් මගේ සුබ පැතුමට ගොඩක් ස්තූතියි කියල එයත් ලස්සන රිප්ලයි එකක් දැම්මා තවත් පොයම් එක්කින්ම..
ඕක බලන් හිටපු රට්ටු කතා වෙන්න ගත්තා '' අන්න අර දෙන්නා හොරෙන්ම මල් කඩනවා '' කියලා..

ඒ කාලෙ මන් මගෙ ඇත්ත විස්තර කාටත් නොකීවෙ අයියයි අම්මයි ඇත්ත තොරතුරු මිනිස්සුන්ට කියන්න එපා කවදාවත්.. අද කාලෙ මිනිස්සු විෂ්වාස කරන්න බෑනෙ කියලා කියපු නිසාම විතරක් නොවේ.. සමාජයේ මිනිස්සුන් කෙරෙහි මගෙ අහින්සක හිත තුල තිබි බිය නිසාමත් ය..

එයා කෙරෙහි මගේ හිත ඇදුනේ එයත් ඒ වගේම ගුප්ත හා රහසිගත පුදුම සහගත පුද්ගලයෙක් වූ නිසා බව නියතය.. කිසිදිනකවත් නොදැකපු ඔහු ගැන මගෙ හිතේ රහසේම ආදරයක් හට ගත්තේ කිසිදු සැකයකින් තොරවය.. ඒත් ඒ ආදරේ කියලා මගෙ සිතට වඩා මනස පිලි නොගන්නට අපොහොසත් වූයෙමි.. කෙසේ වුනත් ආදර කියන හැගීම හිතට සමීප උනාම අඹ ඇටේකට වඩා මොලේ තිබුනත් ඒ කිසිම දේකට මෙල්ල නොවෙන සිතුවිල්ලක් බව මට වැටහෙන්න කල් ගත වුනි..


Episode 1.4

  • 1.4


බිත්ති හතරකට හිර වෙල හිටිය මට ඉනිමග හරි තියලා ගහකට නැග ගත්තු එක වීර ක්‍රියාවක් වීම ඔයාට හිනා යන කාරණයක් වෙන්නැති වෙයි නේද? නැත්තම් ඔයා මට හිතින් හිනා වෙනවද, අයියෝ.. ඕකද ඔයාගෙ මහ ලොකු වීරක්‍රියාව කියල.. ඔයා එහෙම හිතුවෙ නැතත් එයා එහෙම හිතුවද කියන එක හොයල බලන්න මට ඒ කාලෙ සිහියට ආවෙ නම් නෑ.. කොහෙමෙන් හරි ඔහොම හරි බඩ ගාල රඹුටන් කාපු එකට එයා මගෙන් අහුවා..

'' ලේනුන්ටත් තියන්නේ නැතුවම ඔක්කොම කෑවද කියලා.. ? ''

මේ කෙල්ලගෙ ඉතින් කොමලෙනෙ.. ඒක නිසා ලේනාට ලේනා නොකියා 'ටින් ටින්' කීවාලු.. එහෙම කියල කීවෙ..

'' ලේනගෙ බඩද නැත්තම් මගේ බඩද මුලින් පිරෙන්න ඔනෑ ? ''
කියලා.. එතකොට තමයි එය හිනා වෙලා කීවෙ,

'' ආ.. එහෙනම් ටින් ටින්ස් ලට තියන්නෙත් නතුව ලොකු ටින් ටින් ඔක්කොම කාල වගේ කියලා.. ''

ඕන් ඉතින් එදා ඉදන් මට 'ලොකු ටින් ටින්' කියන නම රෙජිස්ටර් වුනාලු..

ඔහොම ඉතින් ටික කාලයක් ගත වෙද්දි තවත් දැන හදුන ගනිද්දි එයා මට තවත් නමක් කීවා..
ඒ කීවෙ.. මෙහෙමයි..

එයා මගෙන් ඇහුවා.. මේ ලෝකෙ ඉන්න ස්වීට්ම කෙන කවුද කියල.. මගේ හිත ඩිගි ඩිගි ගාලා කීවෙම '' කියන්න කියන්න.. ඔයා තමයි මන්ග් දැකපු ස්වීට්ම කෙනා'' කියල.. ඒත් හිත හදිස්සි වුනත් අර අඹ ඇටේ තරම්වත් නැති මොලේ මට ආයි පාරක් මතක් කරලා දුන්නා හදිස්සි නොවිය යුතු බව..

කොහොමෙන් හරි මන් බොරුවට වගේ කීවා..
''නෑ.. මන් දන්නෙ නෑනෙ'' කියලා..

එතකොට එය කීවා .. ඒ තමයි මගේ 'පැනි කජු කෑල්ල' කියල.. මොහොතකට මගෙ හිත නැවතුනා වගේ දැනුනා.. මොකද්දෝ වෙලා මගේ හිත විසික්ක වුනා වගේ දැනුනා.. මගෙ හිත ගොලු වුනා.. හරියට නිකන් ගොලු හදවත චිත්‍රපටිය වගේ..

පස්සෙ මන් ටිකක් නිහඩව ඉදලා මෙහෙම ඇහුවා..

කවුද අප්පේ ඔය පැනි කජු කෑල්ල හැබෑටම ? මට ඔයා කීවෙ නැහැනෙ එහෙම කෙනෙක් ගැන.. කියලා..

ඔහොම කියලා ස්ක්‍රීන් එක දිහ ගිලින්න වගෙ ඕනෑකමින් බලා උන්නා අර යාහු එකෙ ටයිප් කරද්දි පැන්සලක් වගේ ඒක ලියවෙනවා බලාගෙන හිටිය හදිස්සියෙන්.. එතකොට මට පේන්ට තිබුනේ අර පැන්සල ලියවෙනවා.. ආයි මකනවා.. ලියනවා.. ආයි මකනවා.. ඕන් ඉතින් මගෙ හිත දාඩිය දැම්මා..එතකොටම එක පාරට එයාගෙ රිප්ල්යි එක එන්ටොර් කෙරුවා..

ඒකෙ කියලා තිබ්බෙ..

'' ඔයාට කොහොමද ඒක කලින් කියන්නේ.. ඔයා එක්ක කතා කරන්න ගත්ත දවසේ ඉදන් නෙ මට එයාව මුන ගැහුනේ කියල.. ''

දැන් ඉතින් ඔය කියපු කතාව තේරුම් ගන්න බැරි තරමට මන් මෝඩ නැති උනත් බොරුවට තේරුන්නෑ වගේ ආයි එයගෙන් ඒ ගැන අහුවෙ හිතේ සැකයකුත් ඉතිරි කරගෙන නැතුවම නෙවෙයි..

එයා මට 'ඒ ඔයා' කියල කියනකන්ම මන් එයාගෙ හිත අසරණ කලා.. අනේ පව්.. මන් හරි නරකයි නේද ?

දැන් ඉතින් ඒකත් අහගත්තා.. හිතට තවත් සතුටුයි..


Episode 1.3

  • 1.3

බස් එක පැත්තක .. අපි දෙන්නා ඉතින් තනියෙන් බස් එකක් එලවන්ඩ බස් එකට ගොඩ වුනා විතරයි.. හිනත් යනවා මතක් වෙද්දි.. අනේද කියන්නෙ.. දෙන්නම නිකන් බෝ පැල වගේ.. ඕන් ඉතින් බසයේ බෙලත් සද්ද වෙලා.. බස් එක ස්ටාට් කොරලා දැන් පාගන්නයි යන්නේ..

'' Kolla : Hi ''
'' kella : Hi ''

බ්‍රූම් බ්‍රූම්.. ඕන් බස් එක ඇද්දුවා..

ඔය '' Hi '' එකෙන් පටන් ගත්තු බස් එක අපේ හිත් කඩාගෙන කොච්චර දුරක් නම් ගියාද.. ඒ සුන්දර මතකයන් නැවතත් ආවර්ජනය වෙද්දි ආයෙත් ඒ වසන්ත කාලෙ මිහිර ඇගට දැනෙනවා දැනෙනවා වගේ.. හිත රෝස පාට වෙලා ජීවිතේ රෝස මල් යහනාවක් වෙනවා වගෙ දැනෙනවා.. පෙලක් වෙලාවට මට සැක හිතුනෙ.. ඔය හමන්නෙ ආදරේ සුළග වත් ද කියලා..

එයා ලගින් හිදිද්දි තනිවෙච්ච මගේ හිතට දැනුනෙ තනියක් නොවන බව නිසැකයි.. ජීවිතේ එහෙමත් සුන්දරද කියලා හිතුනා.. තනිවෙලා හුදකලා වෙච්චි මගෙ හිතට සහනයක් වෙලා ආපු ඒ ප්‍රාණය නිකන්ම නිකන් ප්‍රාණයක් නොවන බව මා හොදින්ම දැන සිටි බව පැහදිලියි..

එදා බස් එකේ ටික දුරක් යද්දිම මට දැනුනා එයාගෙ සුවද.. ඒත් මට තේරුම් ගන්න බැරි උනේ, ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නද කියන එකයි.. මෙහෙම කියල කීවෙ , එය ගොනෙක් කියල නෙවෙයි.. ඔයා වැරදියට තේරුම් ගන්නෙපා.. එයා තුල සැගවිලා තිවිච්ච ඒ අහින්සක හිතටයි මන් රැවටුනේ.. ඒක අහින්සක සිතක අහින්සක සිතුවිල්ලක් වෙන්න පුලුවන්.. ඒත් ඉතින් මන් රැවටුන බවත් බොරුවක් නෙවෙයි..

ඔය අතරෙ ඔහොම කෝලන් කර කර ඉදිද්දි එයා මට නමකුත් දැම්මා.. ඒක වුනේ මෙහෙමයි..
ඔයාල දන්නවනේ.. ජූනි ජූලි කියන්නෙ රඹුටන් වාරෙ නොවැ.. මන් ඉතින් රඹුටන් ගැන හරි හරියට කියෙව්වා.. ඒ කාලෙම අපේ නෑ කෙනෙක් හිටියා පූගොඩ.. එයාලගෙ ලොකු රඹුටන් ගහක් තිබ්බා.. පොඩි කමට මට තිබ්බ විසේට ජීවිතේට ගහක් බඩා ගාල නොතිබ්බත්, රඹුටන් ගහක්ම වෙච්ච නිසා ඉනිමගක් තියලා හරි ගහ උඩට ඩින්ගිත්තක් විතර නැග ගෙන රඹුටන් කාපු වීර ක්‍රියාව ගැන බයක් සැකක් නැතුව හරි හරියට විස්තර කලා..


Episode 1.2

  • 1.2

කොහොමෙන් හරි.. අර මන් කීව චුට්ටන් චුට්ටන් ලස්සන හැන්දෑවෙ අර මනසෙ පැල පැදියන් වෙච්චි හොරගෙඩියා.. එයාවත් කවුදෝ මන්දා ඇඩ් කරලා තිබ්බා..
එතකොටම මගේ හිත කිව්වා.. හෆ්ෆච්චියේ.. මේ ජේසන් නෙ කියලා.. මගෙ හිත මටම හොරෙන් ආව් ආව් කිව්වා.. මොලේට පේන්ඩ බෑ අයියෝ හිත ඔහොම විහිලුවක් කරනවටවත්.. මොලේ හිතට තරවටු කරලා කීවෙ
''මේ මේ.. ඔයා තාම බට්ටෙක් තරම් වත් ලොකු නෑ..''
කියලයි.. අයියෝ ඉතින් මගේ කුසු කුසු ගාපු හිත එහෙම්මම නිහඩ උනා..

ඕන් ඉතින් කට්ටිය බරටම සින්දු කියනවා.. මාත් ඉතින් අහන් හිටියා.. ඒ අතර අරයා දිහා චුට්ටක් චුට්ටක් ඇස් නටව නටව බැලුවලු.. පේන විදියට නම්.. එයත් ඕනැකමින් වගේ කතා කලා.. ආයෙත් අර ඔලු ගෙඩියෙ තියෙන සියඹලා ඇටේ පණ්ඩිත කතාවක් දෙඩෙව්වනෙ.. ඒ පාර කියනවා ' මේ.. මුකුලු කරන්නෙ යටි අදහසක් තියා ගෙන නේද? ඕන් ඕන්.. මන් මීට කලිනුත් කියල තියෙනවා නේද මිනිස්සු එක්ක කතා කරද්දි ඔච්චර පද්දන්ඩ් උවමනා නෑ කියලා.. තේරෙයි පොඩි එකා වගෙ ඉනැතුව ඕන්නැති බහුබූත පටලවගෙන පස්සෙ මොනා හරි වුනාම..''

දගල දගල හිටිය හිත ආයෙත් නිහඩ උනා.. ටිකක් වෙලා බැලින්නම් ඕන් අරයා මාව ඇඩ් කොරලා.. මගෙ හිත අර සියඹල අටේට ''හූ හූ.. '' කීවා.. අයියෝ.. ඒ දෙන්නගෙ වලි නම් පැයෙන් දෙකෙන් බේරලා ඉවර කරන්න පුලුවන් වෙන්නෙ නෑ.. එපා වෙනවා අයියො..

- Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය -



- පළමු කොටස -
  • 1.1

ටික් ටික් ටික් ටීක් ටීක්.. ඕන්.. ජීවිතේ පළමු වතාව සමාජය ඉම්බලා බලන්න අවස්ථාවක්.. එතකොට ඒකිට වයස 13යි.. කුඩා කල සිටම තමාගෙ ජීවිතේ තනියෙන් ජීවත් වූ තවත් පොඩි කෙල්ලෙක්.. අම්මයි තාත්තයි ඉන්නවා තමයි.. ඒත් පවුල් ආරවුල් නිසා තනියෙන් කල් ගෙවන්න පුරුදු වුන මේ කෙලි පොඩ්ඩ දැන හෝ නොදැන හෝ ඒ පාර අත ගැහුවෙ නම් මතුපිට විනොදෙන් පිරුනු , දන්නෙම නැතුව කාලය කා දමන , එහෙත් මනක්කල්පිත ලෝකයක සුන්දර ජීවිතේකටයි.. මතු පිටට පෙනෙන්නට තිබුන සුන්දරත්වය පිටතට නොපෙනෙන තරම්.. එහෙත් කෙනෙකුගෙ ජීවිතය වෙනස් කරන්න පුලුවන් තරම් , කෙනෙක්ට ජීවිතයක් දෙන්න වගේම ජීවිතය ගන්න තරමටම බලවත්ය..

ඕන්ග් ඉතින් තවත් චුට්ටන් චුට්ටන් ලස්සන හැන්දෑවක.. දින කීපයකට පෙර සිටම මගේ ඇස් සොරගත්.. නිතරම ඇස් මානයෙම ගැවසුන.. නෙත් යුගල ඔස්සේ මනසට දුව ගොස් පැල පැදියම් වෙච්චි ඒ ප්‍රාණය මාත් සමග නෙත් හමු විය.. ඒ 2006 පොසොන් මාසයෙයි.. නෙත් හමුවුනා කිව්වම හිතන්න ඇති නේද කොහේ හරි මීට් උනා කියල.. නෑ නෑ.. ඔය කියන්නෙ 'yahoo' එකෙන් හමු වෙච්ච සිද්දියක් ගැනයි.. ඔයාලට කිව්වට මොකද.. ඒකත් ඔය අහඹු සිදුවීමක් නොවැ.. මෙහෙමයි.. ඒ දවස් වල ඉතින් මට හිටිය හොදම යාලුවා සදුන්.. ඔය කියන හාදයා ගැන මතුවට ඔයාට පැහැදිලි වෙයි.. ඉතින් ඔය සදුන් ඉස්සර යාහු එකේ බස් යනවයි කියල කොන්ෆරන්ස් දාලා සින්දු කියනවා බජාර් එකම චෙට් වෙලා.. ඔය කිව්ව බජාර් එකට ඉතින්.. අක්කලාද නoගිලාද අයියලාද මල්ලිලාද.. ඔය ඔක්කොමලා වග කිව යුත්තො.. ඒ කාලෙ ඉතින් අපේ ගායිකාවන් අතර පළමු වන ස්ථානයේ පසු වුනේ මදූ අක්කි.. මාර කෙල්ල.. මාර කටක්.. ඒ වගේම ලස්සන කට හඩක්.. ඒක හින්දා කොච්චර කියෙව්වත් ඇනයක් වෙන්නෙ හරි අඩුවෙන්..
Saturday, July 17, 2010 | By: Juli
Thursday, May 20, 2010 | By: Juli

Dedicated to My Sweetheart

Justin Bieber - Baby ft. Ludacris

Justin Bieber - Baby ft. Ludacris official music video PARODY

Fever (HQ) - Adam Lambert

What Do You Want From Me - Adam Lambert

SRI LANKA Photo Gallery


Here below you will find some of the sights and places of our Island Paradise.







PLANE

The Best Airline In SouthEast Asia: Srilankan









TOWN HALL

The Colonial Town Hall in Colombo








ELEPHANTS

Elephants at the Pinawella Elephant Orphanage







GEMS

Some of the gems found in Sri Lanka







WATERFALLS

A cool stream of fresh water running down the hills







SUNSET

An evening sunset on the south coast









SIGIRIYA

The Rock Fortress of Sigriya from a birds perspective










SRI LANKAN TEA

A tea plantation where the world famous Ceylon Tea is grown









HILLCOUNTRY

An early morning in the Hillcountry of Nuwara Eliya









KANDY

The ancient city of Kandy in the upcountry hills











BOAT

A traditional fishing vessel at Negombo








PARADISE BEACH

500 Miles Of Sri Lankan Coastline
Wednesday, May 19, 2010 | By: Juli

Beauty Of My Mother





Gzy Lyrics Page

# A
# B
# C
# D
# E
# F
# G
# H
# I
# J
# K
# L
# M
# N
# O
# P
# Q
# R
# S
# T
# U
# V
# W
# X
# Y
# Z

BOULEVARD OF BROKEN DREAMS (CLEAN)

I walk a lonely road
The only one that I have ever known
Don't know where it goes
But it's home to me and I walk alone

I walk this empty street
On the boulevard of broken dreams
Where the city sleeps
And I'm the only one and I walk alone

I walk alone
I walk alone
I walk alone
I walk a...

My shadow's the only one that walks beside me
My shallow heart's the only thing that's beating
Sometimes I wish someone out there would find me
Till then I walk alone

Ah-Ah Ah-Ah Ah-Ah Ahhh
Ah Ah-Ah Ah-Ah Ah-Ah

I'm walking down the line
That divides me somewhere in my mind
On the border line of the edge
And where I walk alone

Read between the lines of what's
Fucked up and every thing's all right
Check my vital signs to know I'm still alive
And I walk alone

I walk alone
I walk alone
I walk alone
I walk a...

My shadow's the only one that walks beside me
My shallow heart's the only thing that's beating
Sometimes I wish someone out there would find me
Till then I walk alone

Ah-Ah Ah-Ah Ah-Ah Ahhh
Ah Ah-Ah Ah-Ah

I walk alone
I walk a...

I walk this empty street
On the boulevard of broken dreams
Where the city sleeps
And I'm the only one and I walk alone
I walk this empty street
On the boulevard of broken dreams
Where the city sleeps
And I'm the only one and I walk a..
My shadow's the only one that walks beside me
My shallow heart's the only thing that's beating
Sometimes I wish someone out there would find me
Till then I walk alone

hahah, Haaahahahaha, Hahahaaaaa

Hotels In Sri Lanka

4 Star Hotels

Bentota Beach Hotel Bentota
Pagasus Reef Hotel Wattala
Tuesday, May 18, 2010 | By: Juli

Hotels In Sri Lanka

Colombo has a fine collection of five star hotels. Rates are not as cheap as they used to be two years ago but still very reasonable. Outside Colombo the rates may be higher, but still a lot cheaper than in neighboring India or Maldives.

5 Star Hotels

Ceylon Intercontinental Colombo 1
Galadari Colombo 1
Hilton International Hotel Colombo 1
Hotel Lanka Oberoi Colombo 3
Taj Samudra Hotel Colombo 3
Trans Asia (Ramada) Colombo
Triton Hotel Ahungalla
Eden Hotel Beruwala
Kandalama Hotel Dambulla

General Information

Introduction


Sri Lanka (Ceylon), is a small island in the Indian ocean of 65,000 square kilometers. Despite being so small the country has a wide range of geographic features and is rich in natural beauty.

Large parts of Sri Lanka is covered in tropical forests, with hundreds of rivers flowing through them, often cascading in awesome waterfalls.

It's easy to go on and on about the natural beauty of Sri Lanka, this is not the place for it but the travel page is!


Climate

The southern and western regions have only two seasons, wet and wetter. Despite being a tropical island some parts of the country can almost be mistaken for deserts. Other regions experience rainy and dry seasons. The dry zone looks really wonderful just as the rains start to ease.


People


Most of the The country's 18.5 million population speak Sinhala, Tamil or English. Sinhala is the most widely spoken language and the Sinhala people make up the largest ethnic group. Interestingly this language is not spoken anywhere else in the world, other than by a few traders in Chennai India!.

A good twenty percent of the population lives in the westen province which is the home of capital Colombo. (Strictly speaking Sri Jayawardanapura is the political capital of Sri Lanka and Colombo the Commercial center. But Sri Jayawardanapura is a miniature city within Colombo)


Business and Economy


The economy though battered and bruised by decades of mismanagement is finally showing signs of recovery. Each new government seems to manage the economy worse than the previous one. Thankfully the trend seems to have been changed the last time around.


Location



But you are probably starting to wonder where's this place anyway?.
Why not make a guess try out the Geography Quiz and see if you can click on Sri Lanka on the world map.

But don't stop there, try out some of the other pages. They contain information on Business and economy, geographical data, publications, newsgroups, ISPs and even a few recipes. All of them can be visted by clicking the menu.